යාපනය සිට කොළඹ බලා ධාවනය ආරම්භ කර තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (30) අලුයම ගිනිගෙන විනාශ වී තිබේ.
ඊයේ (29) රාත්‍රී 10.30ට පමණ යාපනයෙන් බස් රථය ගමන් අරඹා තිබේ.
බස් රථය ගිනිගන්නා අවස්ථාවේදී එම රථයේ සියලු ආසනවල මගීන් සිට ඇතිමුත් ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත
මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේදීම බස් රථය ගිනිගෙන විනාශ වීනාශ වී ඇත.
පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවිමේ ඒකක පැමින ගින්න පාලනය කිරීමට සමත්වුවද ඒ වනවිටත් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස්තිබේ.
ගිනි ගැනීමට ලක්වූ බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකින් කොළඹ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මදුරන්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි.