පාතාල අපරාධකරුවන් විදේශගත කිරීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සැකසීමේ නිරත වූ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහයකයකු සහ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූනි 20 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් මගින් සැකපිට අත්අඩංගුවට ගත් තුන් දෙනෙකු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදි ලද තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පාතාල වෙඩි තැබීම්වලට සම්බන්ධබවට පුද්ගලයන් හොර රහසේ විදේශගතකිරීම සඳහා ගමන් බලපත්‍ර සැකසූ බවට සැක කෙරෙන මෙම සැකකරු සහ සැකකාරිය සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර නවයක් සහ හැඳුනුම්පත් තුනක් සොයා ගැනීමටද පොලිසිය සමත් වී තිබේ.
මෙම ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීම පසුපස දැනට විදේශ ගත වි සිටින ගනේමුල්ලේ සංජීව නමැති අපරාධකරු සිටින බවටත් මේ සඳහා මුදල් වියදම් කර ඇත්තේ ඔහු විසින් බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
පසුගිය මැයි මස 20 වැනිදා බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී සිදු කළ ඝාතනයේ සැකකරුවා සහ ගොත අසංක නමින් හඳුන්වන පාතාල වෙඩික්කරුවා ඇතුළු වෙඩික්කරුවන් මේ හරහා විදේශ ගත කරවීමට උත්සාහ දරා ඇති බවද හෙළි ව තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මව්බිම –







