ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය සඳහා වූ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන 04වන තරගයවන ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගයේ දී මේතෙක් වාර්තා කළ අඩුම ලකුණු ගණන සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 245කට සියල්ලෝම දැවී ගියහ.

ඒ පන්දු ඕව 49.3ක් තුළ දී ය. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වේගය 4.94කි.
කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය. ඔවුන්ගේ තේරීම නිවැරදි බව පෙනුණිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 34 දී දැවී ගියේය. ඒ දිමුත් කරුණාරත්න පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටි ලකුණු 07කට දැවී යෑමත් සමගය.
කුසල් මෙන්ඩිස් මේ තරගයේදීත් අසමත් විය. ඔහු ලැබුවේ ලකුණු 01කි. දසුන් ශානකත් එසේය. ඔහු පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය. මුල්පෙළ ක්‍රීඩකයන් 04ක් ලකුනු 07කට අඩුවෙන් දැවුනේය.
එහෙත් සුපුරුදු විශ්වාසය සහිතව පැතුම් නිශ්ශංක ක්‍රීඩා කළේය. ඔහු හතරේ පහර 10ක් සහිතව ලකුණු 85ක් ලැබුවේය.
චරිත් අසලංක පන්දු 65ක දි හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් සමග ලකුණු 63ක් ලබා ගත්තේය.
ධනංජය ද සිල්වා පන්දු 31ක දී ලකුණු 23කි.
ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ ක්‍රීඩකයා ක්‍රිස් ග්රේව්ස්ය. ඔහු පන්දු ඕවර 6.3 යවා ලකුනු 32ට කඩුළු 04ක් ලැබුවේය. මාර්ක් වට් ලකුනු 52කට කඩුළු 03කි. ක්රස් සෝල් ලකුණු 46කට කඩුළු 02කි.







