ශ්‍රී ලංකා ජනාධිපති වික්‍රමසිංහ හමුවීම ඉතාම යහපත් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් විසින් කළ ආරාධනයකට අනුව ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් සමුළුවට සහභාගීවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට සමගාමීව අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා හමුවී තිබුණි.
මේ හමුව ගැන ට්විටර් සටහනක් තබන ඇය පවසන්නේ වත්මන් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය සතු ශක්තිමත් ප්‍රවේශය තමන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා බවය. ශ්‍රී
ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල කැප වී සිටින බව ද ඇය කීවාය.
Very good meeting with Sri Lanka President Wickremesinghe @RW_UNP. I warmly welcomed the strong ownership by 🇱🇰 government to address current economic challenges. We are committed to support Sri Lanka’s economic reforms to improve living standards for its people. pic.twitter.com/uWXn8tXb6T
— Kristalina Georgieva (@KGeorgieva) June 22, 2023