පිලිපීනයට අයත් දූපතක් වන පැග් ආසා හි වෙසෙන ධීවර ප්‍රජාවට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම කළ යාත්‍රාවක් ආසන්නයට චීන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් පැමිණ බාධා කිරීමක් කළ බවට වාර්තා වේ.
පිලිපීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක ආරමන්ඩ් බලිලෝ පැවසුවේ චීන යාත්‍රාව ධීවර හා ජලජ සම්පත් කාර්යාංශයේ මුර යාත්‍රාවේ ක්ෂණිකව අවධානය යොමු නොවූ බවයි. කෙසේ වෙතත් රේඩියෝ මගින් කළ දැණුම් දීම් වලින් අනතුරුව චීන යාත්‍රාව අදාල ප්‍රදේශයෙන් ඉවත්ව ගිය බවද පිලිපීන වෙරළාරාක්ෂක බලකාය සඳහන් කළේය.
මේ අතර පිලිපීන මාධ්‍ය වාර්තා කරන අන්දමට පසුගියදා පිලිපීන වෙරළාරක්ෂක නෞකාවක් ආසන්නයටම චීන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් පැමිණ තිබේ. එය එක්තරා ආකාරය ගැටීමකට ලක්කිරීමේ උත්සහයක් බවටද පිලිපීනය චෝදනා කරන අතර එහිදී නවීන යුද යටයුකු යොදා ගන්නා ලේසර් ධාරාවන්ටද පිලිපීන යාත්‍රාව වෙත එල්ල කර තිබේ.
චීනය සතුව කිසිඳු නෛතික පදනමක් නොමැති වූවත් දකුණු චීන මුහුදේ පවතින සියලුම දූපත් තමන්ට අයත් බවට චිනය ප්‍රකාශ කරයි. මෙහිදී චීනය විසින් ජාත්‍යන්තර තීන්දු පවා නොසලකා හරිමින් කටයුතු කිරීමටද විශේෂත්වයකි.
මීට පෙර, මැයි මාසයේදී, පිලිපීනය සිය ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා දකුණු චීන මුහුදේ සැතපුම් 200 ක් පුරා පිහිටි සුවිශේෂී ආර්ථික කලාපයක් තුළ නාවික බෝයාවන් පහක් තැබූ බව එරට වෙරළාරක්ෂක සේවයට සඳහන් කරයි.
කෙසේ වුවත් චිනය නාවික හමුදා විසින් පසුගිය කාලය පුරාවට දිගින් දිගටම පිලිපීන සාගර කළාපය ඇතුළු වීමටත් ඊට ආසන්න සාගර කළාපය තුල දැඩි අක්‍රමණශීලි ක්‍රියාකළාපයක් ගෙන ගියේය







