ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සිය තනතුරරෙන් ඉල්ලා අස්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය ඇමතිවරයාට භාර දී ඇති බවත් පුරප්පාඩු වී ඇති සභාපති තනතුර සඳහා හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක පත් කර ඇති බවත් රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේය.

පසුගිය කෝප් කමිටුවේදී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීමට නොහැකිව කමිටුවේ දෝෂ දර්ශනයට ලක්වීමට මහාචාර්යවරයාට සිදුවූ අයුරු මාධ්‍ය වාර්තා කලේය.
කෙසේ නමුත් මෙහිදී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජවර්ධනපුර රෝහලේ පවතින ගැටලුවලට එකම විසඳුම පෞද්ගලීකරණය කිරීම බවය.
ඔහුගේ මෙම ප්‍රකාශයට විරෝධය පළ කරමින් රෝහල් කාර්ය මණ්ඩ සාමාජිකයින් “ වැඩ බැරි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි” සඳහන් කරමින් රෝහල් පරිශ්‍රය පුරා පෝස්ටර් අලවා සිය විරෝධය පළ කරන ලදි.
මේ සියලු සිදුවීම් මධ්‍යයේ සභාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වුවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති තනතුරේ තවදුරටත් ඔහු රැදෙනු ඇති.







