පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනෙකු අද (16) අළුයම සියදිවි හානි කොට ගෙන තිබේ.
ඉංජිනේරු පීඨ සිසුවා අලුයම වැසිකිළියට ගොස් සියදිවි හානිකරගෙන තිබූ බවට පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත
ඔහු යාපනයේ පදිංචි පළමු වසර සිසුවෙකි.
මේ දිනවල පළමු වසරේ විභාගය පැවැත්වෙන අතර ද අවසාන ප්‍රශ්න පත්‍ර ය පැවැත්වෙන බව ද ඒ සඳහා මුහුණ දීමේ අර්බුදකාරී තත්ත්වයක් ඔහුට තිබුණා ද යන්න සොයා බැලිය යුතු බවද පොලිසිය පවසයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුවාගේ සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.







