ඒමන්ති මාරඹේ
හුස්ම ගැනීම නතර වී තිබු 76 හැවිරිදි වියෙහි පසු වන කාන්තාවක් මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කර පැය පහකට පමණ පසු මිනී පෙට්ටියක තැන්පත් කර සිටියදී ඇයගේ දේහයට නැවත පණ ලැබීමේ අපුරු පුවතක් දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ඉක්වදෝරයෙන් වාර් තා වේ.

මිය ගොස් සිට නැවත පණ ලැබූ එම කාන්තාව මේ වන විට ඇය කලින් රෝගාතුර වීමෙන් පසු ඇතුළත් කරන ලද ඉක්වදෝරයේ ලොස් රියෝස් පලාතේ පිහිටි මාටින් ඉකාසා රෝහලේම දැඩි සත්කාර ඒකකය වෙත ප්‍රතිකාර සඳහා නැවත ඇතුළත් කර සිටී.
.අදාළ කාන්තාව රෝගාතුර තත්ත්වයෙන් ඇතුළත් කෙරුණු රෝහලේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් එම කාන්තාව මිය ගිය බවට තහවුරු කිරීමෙන් පසුව ඇයට නැවත පණ ලැබීම හේතුවෙන් ඉක්වදෝරයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.
ඉක්වදෝරයේ ලොස් රියෝස් පළාතේ වාසය කරන බෙල්ලා මොන්ටෝයා නමැත්තිය ඉකුත් සිකුරාදා (09දා ) උදෑසන සිය නිවසේදී ආඝාතය (ස්ට්‍රෝක් ) වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඇයගේ හුස්ම ගැනීම මෙන්ම හෘදය වස්තුව ස්ඵන්දනය වීමද නතර වීම නිසා ඇය මිය ගිය බවට එම අවස්ථාවේ රෝහලේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබේ.
බෙල්ලාගේ සිරුර කෘත්‍රිමව නැවත පණ ගැන්වීමට වෛද්‍යවරුන් විසින් දැරූ උත්සාහයන්ද අසාර්ථක වීමෙන් පසු ඇය මිය ගිය අයෙකු බවට වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .
.අනතුරුව මිය ගිය බවට ප්‍රකාශ වූ බෙල්ලා මොන්ටෝයාගේ දේහය ඇයගේ නිවසෙහි මිනි පෙට්ටියක බහා පැය හතරක් තැබීමෙන් පසු ඇයගේ පවුලේ සාමාජිකයන්ට ප්‍රදර් ශනය කිරීම සඳහා වෙනත් ඇඳුමක් පැළඳවීමට තැත් කර ඇත.
එම අවස්ථාවේදී ඇය තදින් හුස්ම ගන්නා අයුරු පවුලේ සාමාජිකයන් විසින් නිරීක්ෂණය කර තිබේ. එම,අවස්ථාවේ පවුලේ සාමාජිකයන් මිනී පෙට්ටිය,වටා එක් රොක් වූ විට,ඔවුන් දැක ඇත්තේ හුස්ම ඉහල පහල හෙලන බෙල්ලා ය .
එම මොහොතේ ඇයගේ එක් අතක් චලනය වී ඇති අතර, ඒ අවස්ථාවේම වහා ක්‍රියාත්මක වූ පවුලේ සාමාජිකයන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර කන්ඩායමක් නිවසට කැඳවා තිබේ. ඔවුන් විසින් ඇයව ගිලන් රථයකින් රෝහලට ගෙන ගොස් ඇත.
අදාල කාන්තාව කලක් තිස්සේ හර්ද රෝගයකින් පෙලෙමින් සිටි අයෙකු බව හෙලි වී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට ඇය ඉක්වදෝරයේ ලොස් රියෝස් පලාතේ පිහිටි මාටින් ඉකාසා රෝහලේම දැඩි සත්කාර ඒකකය තුළ ජීවිතය සමග පොර බදමින් සිටින්නීය.







