අම්බලන්ගොඩදී මව විසින් අතහැර දමා ගිය මාස හයක බිළිඳෙකු සහ නව හැවිරිදි පිරිමි ළමයෙකු ත්‍රී රෝද රථ රියදුරෙකු විසින් පොලිසියට භාරදී තිබේ.
රියදුරු පැවසුවේ කාන්තාවක් දරුවන් දෙදෙනාව ටික වේලාවක් බලා ගන්නා ලෙස ඉල්ලා තමාට භාර දුන් බවයි.
ඔවුන්ගේ මව දරුවන් රැගෙන යෑම සඳහා නොපැමිණීම හේතුවෙන් දරුවන් පොලිසියට භාරදීමට රියදුරු තීරණය කර තිබේ.
කුසගින්නේ සිටි බිළිඳා ඉතා අපහසුවෙන් සනසා ගත් බවත්, රුවන් දැඩි කුසගින්නෙන් පෙළුණු බවත් පොලිස් නිලධාරීහු කීහ.







