බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

තමන්ගේ ආයෝජකයෙක් බව පවසමින් ඇමති අරුන්දික ලියුම් ලියා රට ඇතුළට ගත් හොර පාස්පෝට් චීනා චීන රජයේ අපරාධ වරෙන්තු කරුවෙක්!

by editor
මැයි 29, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ගිනි රාජ්‍යයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් මේ රටට ඇතුළුවීමට තැත් කර ආගමන විගමන දෙපාර්තමේන්තුවට  හසුවී පිටිවහල් කිරීමට සැරසී සිටිය දී තම නිවාස ව්‍යාපෘතියක ආයෝජකයෙක් බව කියමින් අරුන්දික ප්‍රනාන්දු විසින් ලියුම් ලියා නිදහස් කරගෙන රට ඇතුළට ගැනීමට තැත් කළ හොර පාස්පෝට් චීනා  චීන රජයේ වරෙන්තු කරුවෙක් බව නීතිපතිවරයා අද (29) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා කළ ලිඛිත දැනුම් දීමෙන් පසු  මෙම හොර පාස්පෝට් චීනා නිදහස් කළ ද පසුව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස්ගේ උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු ආගමන විගමන දෙපාරත්මේන්තුව විසින් සූදානම් කළේය.

අරුන්දික ඇමතිගේ ලිඛිත ඉල්ලීම

ඒ අවස්ථාවේ දී  අත් අඩංගුවට පත් පුද්ගලයා චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ  නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන් පැමිණි ඩුබායි රාජ්‍යයට පිටුවහල් කරන ලෙසත් ඉල්ලා   අභියාචනාධිකරණය හමුවේ    රිට් පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සම  අද විභාගයට ගත් අවස්ථාවේ දී  ව හෙළි දරවු වූයේ මෙම චීන ජාතිකයා චීන රජය තුළ අපරාධවලට සම්බන්ධ වී චීන රජයෙන් වරෙන්තු නික්තු කළ පුද්ගලයෙක් බවය.

මේ සම්බන්ධව  චීන ජාතිකයා විසින් ඉදිරිපත් කළ පෙත්සම ද ඉල්ලා අස් කර ගැනුණි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙම චීන ජාතිකයා තවත් චීන ජාතිකයෙක් සහ ඊජිප්තු ජාතිකයෙක් සමග ගිනි රාජ්‍යයේ  ව්‍යාජ    ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළේ පසුගිය 18 වැනිදා ය.  ඔවුන් එදින  රාත්‍රී 09.50ට      එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

උක්ත චීන ජාතිකයා  ඩුබායි සිට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කළ  ගුවන් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව තහවුරු වීමත් ඔහු ලඟ ගුවන් ගමන් බලපත්‍ර දෙක්ක තිබීමත්  සමග කටුනායක  ආගමන විගමන නිලධාරීන්   ඔහුව අත්අඩංගුවට ගත්තේය. ඒ අවස්ථාවේ දී ඔහුත්, ඔහු සමග පැමිණි පුද්ගලයින් දෙදෙනාත් කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය..

ඔවුන් තිදෙනාම    අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් ඔවුන්     යළි හරවා යැවීම සඳහා රඳවා ගැනීමේ කුටියක් වෙතට යොමු කරන්නේ ඉන් අනතුරුවය.

මේ අවස්ථාවේ දී   දිගින් දිගටම බලවතුන්ගෙන් බලපෑම් සහිත දුරකථන ඇමතුම් ලැබී ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් මුලින් කලහකාරී ලෙස හැසිරුන ද  පසුව අත්අඩංගුවෙන් මිදීම සඳහා ආගමන නිලධාරීන්ට මුදල් අල්ලස් ලබා දීමට උත්සාහ කර තිබිණි.

රාජ්‍ය  අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වැඩේට මැදිහත් වන්නේ මෙතැනදී ය. ඔහු ආගමන විගමන පාලකකට ලියුමක් ලිව්වේය.   ඇමතිවරයා   කියා සිටියේ මෙම පුද්ගලයින් තම නිවාස ව්‍යාපෘතියක ආයෝජකයින් බැවින් ඔවුන් නිදහස් කර හරින ලෙසය.

ඇමතිවරයා කරන ලද ලිඛිත දැන්වීම පදනම් කරගෙන  ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මෙම හොර පාස්පෝට් චීනා රට තුළට මුදා හරින ලෙස  ගුවන්තොටුපල නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.  චීනාත් චීනාගේ යාලුවන් දෙදෙනාත් කටුනායකින් රට තුළට ගියහ.

කතාව මධ්‍යය ඔස්සේ හොඳටම පත්තුවිනි.

අරුන්දික ප්‍රනාන්දු විසින් ලබා දෙන ලද ලිපියකට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රටට ඇතුළු වීමට අවසරය ලබා දුන් චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යළි කැඳවා ප්‍රකාශයක්   රටින් පිටුවහල් කරන ලෙස ආගමන විගමන පාලකවරයා වෙත  මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් දැනුම් දෙන්නේ මේ අතරය.

ඒ අනුව පසුගිය 22 දා මෙම චීන ජාතිකයාව ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනුණි. එම ප්‍රකාශ සහ මෙම චීන ජාතිකයා ගේ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව   ඔහු වහාම රටින් පිටුවහල් කිරීමට තීන්දු විය.

දැන් හෙළි වන්නේ මේ හොර පාස්පෝට් චීනා චීන රජයේ අපරාධකරුවෙක් බවය. අපරාධ චෝදනා මත වරෙන්තු නිකුත් වූ පුද්ගලයෙක් බවය.

හොර පාස්පෝට්වලින්   පට්ට හොරුන් රට ඇතුළට ගැනීමට ලියුම් ලියන හිඟන ඇමතිවරුන් සිටින රටක ස්වරූපය යළි යළිත් පෙනෙමින් ඇත. වීඅයිපී ලොන්ජ් එක හරහා හොර බඩු පන්නන්නට හැදූ පාර්ලිමේන්තු මන්ත්‍රී “රත්තරන් සබ්‍රි “ ඒ සඳහා මෑතක පෙනුන හොඳම උදාහරණය.

අපට හිතෙන්නේ හොර බඩු පන්නන්නට හැදු “රත්තරන් සබ්‍රි”ගේත්, වරෙන්තුකාර පට්ට හොරෙක් හොර පාස්පෝට් එකකින් රට ඇතුළට ඇතුළුවීමට උත්සාහ කර අත්අඩංගුවට පත්වන විට ඔහුව බේරා ගන්නට ලියුම් ලියන රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේත්   වෙනසක් නැති බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජාංගනේ සද්ධාරතන හිමියන් ජුනි මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට..

Next Post

2048 වනවිට රනිල් මහත්තයත් නෑ… මමත් නෑ… රටක් සංවර්ධනය කියන්නෙ ලබන ආත්මයට පින් තකා කරන වැඩක් නෙමෙයි! පාඨලි කියයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.