අද (26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී තිබේ.
ඒ සඳහා අවශ්‍ය උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව එහි ලේකම් රංජිත් අශෝක සඳහන් කළේ ය.
ඒ සඳහා වන චක්රලේඛයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානම් ප්‍රදේශවල රෝග නිවාරණ කටයුතු සම්බන්ධීකරණය සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න කියා සිටියේය.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 37209 ක් මෙරටින් හඳුනා ගෙන තිබේ.







