ඇමරිකා එක්සත් ජනපදය විසින් පසුගියදා පැසිපික් දූපත් රාජයක් වන ටොංගා හී තානාපති කාර්යලක් විවෘත කිරීමට පියවර ගෙන තිබිණි.
පසුගිය කාලය පුරා චීනය සිය වැඩි අවධානයක් පැසිපික් දූපත් රාජ්‍යන් කෙරෙහි යොමුකර තිබූ අතර එමගින් බටහිර රටවල් සහ පැසිපික් දූපත් රාජ්‍යන් අතර පවතින සම්බන්ධතා යම් ආකාරයකින් අවම කිරීමට ඉන් අපේක්ෂා කළේය.
එක්සත් ජනපද උප ජනාධිපතිනිය වන කමලා හැරිස් විසින් ඉකුත් වසරේ පැසිපික් දූපත් සංසදයේ රැස්වීමටක එක්වූ අවස්ථාවේදී ටොංගා සමඟ සාක්ඡා ආරම්භ කරන බවත් දෙරට අතර සම්බන්ධතා වර්ධනය කරන බවටත් ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ″ උපා ජනාධිපතිනය වන කමලා හැරිස් විසින් පැසිපක් දූපත් සමඟ සාකච්ඡා කර වසරක කාලයක් ගතවීමටත් මත්තෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් ඉතාම සතුටට පත්වෙනවා″ යනුවෙනි.
″මෙම නව තානාපති කාර්යාලය විවෘත කිරීම මගින් අපගේ සම්බන්ධතා අලුත් කිරීමට දරන උත්සහය සංකේතවත් කරනවා. ඒ වගේම අපි දෙරට අතර සම්බන්ධතා වර්ධනයක් කිරීමට කරන කැපවීමත් මනාව පෙන්නුම් කරන සාධකයක් බවට පත්වෙනවා. ″ යනුවෙන්ද එම නිවේදනයේ වැඩිටදුරටත් සඳහන් විය.
මෙම නිවේදනය නිකුත් වූයේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැපුවා නිව් ගිනියා හී සංචාරය කරන බවට නිවේදනය කිරීමට සමගාමීව වීමද විශේෂත්වයකි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ධුරකාලයේ සිටින ජනාධිපතිවරයෙකු පැසිපක් රාජ්‍යක සංචාරය කළ පළමු ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිතය.







