සූරියවැව නුවන් ජයසේකර –
-
දුප්පත් පවුල්වල දරුවන්ට තෑගිභෝග දී කලක් තිස්සේ රහසේ මෙවැනි අපරාධ කරගෙන යනවා… ගම්මු කියති…
ලිංගික අපයෝජන රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සූරියවැව රම්මුදුවැව විහාරස්ථානයේ විහාධිපති චිවරධාරියා විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමි නමකට බරපතළ ලංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අද (18) සවස සූරියවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව රම්මුදුවැව ශ්‍රි බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති චිවරධාරියා ලෙස කටයුතු කරන කැටපල අමරකිත්ති නැමිති 40 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකාර චීවරධාරියා විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි සාමණේර හිමිනමක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
එම සිද්ධියෙන් පසු අදාල සාමණේර හිමි නම ප්‍රථිකාර සඳහා හදපානාගල දෙහිගස්හන්දිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රථිකාර සදහා උන්වහන්සේ වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
අදාල සාමණේර හිමි නම විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට ලබා දුන් කටඋත්තරයකට අනුව වැල්ලවාය පොලිසිය සූරියවැව පොලිසියට සිද්ධිය පිළිබදව දැනුම් දී තිබේ. ඒ අනුව සූරියවැ පොලිසිය මගින් අදාල චීවරධාරියා අද (18) සවස විහාරස්ථානයේ සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් චීවරධාරියාට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින බවත් මේ වන විටත් හම්බන්තොට මහාධිකරණය හමුවේ බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාල නඩු දෙකක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදි අනාවරණය වී තිබේ.
එමෙන්ම අදාල චිවරධාරියා තණමල්විල ප්‍රදේශයේ නිදන් හෑරිමකට ද මිට පෙර අත්අඩංගුවට පත්ව තිබේ. ප්‍රදේශවාසින් පවසන්නේ මෙම පුද්ගලයා දුප්පත් පවුල්වල දරුවන්ට විවිධ තැගි භෝග ලබා දී මෙලෙස ලිංගික අතවර කිරිම් සිදුකරන බවත් ඔහුට එරෙහිව පැමිණිළි කිරීමට බොහෝ දෙනෙකු බිය වි සිටින බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත ගේ උපදෙස් පරිදි උපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත්පොලිස් සැරයන් වරුන් වන (41717)සම්පත්,(42749)නිමල්,62427)සිරිවර්ධන පොලිස් කොස්තාපල් වරුන් වන (100326)උඩවත්ත,(74042)අසංක හා කාන්තා පොලිස් කොස්තාපල් (11107)ගයානි යන නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.







