ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් අද (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේ පැවැති ජාතික උත්සවයේ දී පැමිණ සිටි පිරිසට ලබාදුන් කෙටි ආහාර නරක් වී තිබීම හේතුවෙන් බලවත් ගැටලුවක් ඇති වී තිබේ.
ජනතා සෞඛ්‍යයේ වටිනාකම සම්බන්ධව වෘත්තීය වශයෙන් කටයුතු කරන සංවිධානය කළ උත්සවයක දී සෞඛ්‍ය ගැටලු ඇතිවීමට තුඩු දෙන ආහාර ලබාදීම සුළුවෙන් තැකිය හැකි වරදක් නොවන බව මේ අවස්ථාවට එක් වී සිටි මාධ්‍ය කණ්ඩායම් ඇතුළු පිරිස සංවිධායකින්ට පෙන්වා දී ඇත.
මහනුවර ප්‍රසිද්ධ හෝටලයකින් ලබාගෙන තිබූ මෙම කෙටි අහාර කෑමට ගැනීමට නොහැකි මට්මට නරක් වී තිබුණු බැවින් ඒවා කුණු කූඩයට දමා මාධ්‍ය කණ්ඩායම් ඇතුළු පිරිස් පිටවී පැමිණ ඇත.
සෞඛ්‍ය අමාත්‍යා කෙහෙලිය රඹුක්වැල්ල,සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අසේල ගුණරත්න ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටියහ.
උත්සවයට පැමිණි සුළු පිරිසක් ඇමැතිවරයා පැමිණෙන්ට පෙර පෙරවරු 9.00 ට පමණ උදෑසන ආහාර ලබාගෙන තිබේ.
මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට ආහාර ලබා දී තිබෙන්නේ පෙරවරු 11.00 ට පමණය.
“අපරාදේ හැමෝටම උදේ 9.00 ට කලික් කන්න දෙන්න තිබුණා නම් මේ ප්‍රශ්න මොනවත් නැතැයි මහනුවර හෝටලයට කෑම ටෙන්ඩරය ලබාදීමට මූලිකත්වය ගත් තැනැත්තා පවසා ඇතැයි වාර්තා වේ.









