පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දීමට පාකිස්තාන අධිකරණයක් අද (10) තීන්දු කළේය.
ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය විරෝධතා මධ්‍යයේ බලෝචිස්ටන්, පන්ජාබ්, ඛිබේ පක්ත්තුන්ක්වා පළාත්වල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව කැඳවා තිබේ.
මේ වනවිට ක්වෙටා නගරයේ අවම වශයෙන් එක් පුද්ගලයෙකු ඝාතනය වී තිබේ. පන්ජාබ් හි 1,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඛාන් ගේ පක්ෂය වන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රටපුරා විරෝධතා ප්‍රකාශයට පත් කර ඇත.
70 හැවිරිදි ඉම්රාන් ඛාන් 2018-22 අතර තමන් අගමැති ධුරය දරන කාලය තුළ රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා තිබේ.