ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (01) සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරිමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 7කින් අඩුකර ඇත. නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රු 333කි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135කින් ද අඩුකර ඇත. සුපර් ඩීසල් ලීටරයක නව මිල රු 330ක් වේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රු 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 365කි.
ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා තිබේ. එහි නව මිල රුපියල් 310කි.
භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.