අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දෙවැනි තරගයත් ශ්‍රී ලංකා පිල ඉනිමකින් දිනුම්… තරගාවලියේ ජය ශ්‍රි ලංකා කණ්ඩායමට…

by editor
අප්‍රේල් 28, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ගාල්ලේ පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකුත් ලකුණු 10කින් ජයග්‍රහණය කිරීමට මීට ස්වල්ප වෙලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ ලකුණු 212ක ඉනිමක පරාජයෙන් බේරීම සඳහා රැස් කිරීමේ අභියෝගය ගෙන පැමිණි අයර්ලන්ත කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 202කට දැවී යාමෙනි.

එක දිගට ඉනිමේ කඩුළු බිඳ වැටෙද්දී එක් අන්තයක් රැකගෙන ඉනිමක පරාජයෙන් කණ්ඩායම බේරාගෙන තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය නතර කිරීමට හුදකලා නමුත් ස්ථාවර තරගයක යෙදුණ අයර්ලන්ත පිතිකරු  හැරී ටෙක්ටර්   ලකුණු 85කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වීමත් සමග අයර්ලන්තයේ සියලු බලාපොරොත්තු සුන් වී  ගියේය.

ටෙක්ටර්  ශ්‍රී ලංකා පන්දු යවන්නනට විශිෂ්ට ලෙස මුහුණ දෙමින් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැටක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය.

ඔහු ලකුණු 85 ලබා ගන්නේ පන්දු 189ක් තුළය. හතරේ පහර 8ක් සහ හයේ පහර 03ක් ඊට ඇතුළත් විය.

පන්දු යැවීමේ දි  දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග අවස්ථාව ලබා දුන්නා ඇතැයි කී රමේෂ් මෙන්ඩිස් ලකුණු 64කට කඩුළු 05ක් ලබාගෙන අයර්ලන්ත ඉනිම බිඳ හෙළුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රමේෂ් මෙන්ඩිස්. කඩුළු 05යි..

ප්‍රභාත් ජසූරිය  88ක් තුළ කඩුළු 02ක් ලබා ගත්තේය. අසිත ප්‍රනාන්දු ලකුණු 30කට කඩුළු 03ක් බිඳ හෙළුවේය.

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම ගාලු තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දීම තොරා ගත්තේය. එය කදිම තේරීමක් විය. අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටාලින් ලකුණු 103ක්, කර්ටිස් කැම්පර් ලකුණු 111ක්, ඇන්ඩි බැල්බ්‍රින් ලකුණු 95ක්, ලෝකන් ටකර් ලකුණු 80ක් සහිතව ලකුණු 492ක් රැස් කළහ.

ප්‍රභාත් ජයසූරිය… තරගයේ වීරයා…

ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත මුල් ඉනිම බිඳ හෙළමින්  කඩුළු 05ක් දවා ගත්තේය. ඒ ලකුණු 174කට ය. අයර්ලන්ත පළමු ඉනිමේ දී  අසිත ප්‍රනාන්දු කඩුළු 02ක්, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තේය.

ඊට පිළිතුරු ලෙස මුල් ඉනිම ක්‍රීඩකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය වාර්තාවක් වූයේය. ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න 115ක් සහ නිශාන් මධුෂ්ක  ලකුණු  205ක් ලැබුවේය. නිශාන් සිය මංගල ශතකය ද්විත්ව ශකතයක් කළේය. දෙවැනි කඩුල්ල ලෙස පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් ලකුණු 245කි. තුන්වන කඩුල්ලේ ක්‍රීඩා කළ ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100කි. එක දිගට ශතකය.

කුසල් මෙන්ඩිස්… තරගාවලියේ වීරයා…

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 704කට කඩුලු 03ක් දැවී සිටියදි ඉනිම අත්හිටුවා  අයර්ලන්ත කණ්ඩායමට දෙවැනි  ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දුන්නේය. අයර්ලන්තයට ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 212ක් ලබා ගත යුතු විය.

අයර්ලන්ත කණ්ඩායම ලකුණු 210කට දැවී ගියේ.

තරගයේ වීරයා ප්‍රභාත් ජයසූරිය ය. ඔහු ඉනිම දෙකේදීම කඩුළු 07ක් දවාගෙන තිබිණි.  තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්ය. ඔහු තරග දෙකේ දී ක්‍රීඩා කළ ඉනිම දෙකක් තුළ ලකුණු 385ක් රැස් කර තිබිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට රැකියාවලට ගිය ප්‍රතිශතය 154.4%කින් වැඩි වෙලා

Next Post

ඩෙංගු පමණක් නොවෙයි…කොවිඩ් වසංගතයත් යළි පැතිරෙනවා… පරිස්සම් වන්නැයි විශේෂඥ වෛද්‍යවරු කියති…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.