ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම දුෂ්කර අවස්ථාවකදී රට වෙනුවෙන් ප්‍රථමයෙන් පෙනී සිටින්නේ ඉන්දියාව බවත්, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම සඳහා සිදු කරන ලද, මාස 48ක කාලයකට, දීර්ඝ අරමුදල් පහසුකම් නිෂ්කාශනය කිරීම සඳහා ඉන්දියාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවත් ‘ටෲ සිලෝන්’ වාර්තා කරයි.
ශ්‍රී ලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයකට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික කඩා වැටීමට මුහුණ දුන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමේ දුෂ්කර ගමනේදී ඉන්දියාව, ශ්‍රී ලංකාවට සිය උපරිම සහයෝගය ලබා දුන්නේය.
අසල්වැසි රටවල් ලෙසින් දීර්ඝ කාලීන මිත්‍රත්වයකට ද හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වැසියන් වෙනුවෙන් පෙනී සිටීමට ඉන්දියාව ඉක්මන් පියවර ගන්නා ලදී. අයිඑම්එෆ් ණය ලබා ගැනීම උදෙසා සිදු කළ යුතු ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණයට ප්‍රථමයෙන් ඉදිරිපත් වූයේ ඉන්දියාවය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව යනු හුදු උපායමාර්ගික හා ආර්ථිකමය වශයෙන් පමණක් බැදුණු දෙරටක් නොවන අතර අඛණ්ඩ ඓතිහාසික හා සංස්කෘතික බැම්මකින් බැඳී තිබේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම දුෂ්කර අවස්ථාවකට සහය දැක්වීමටත්, රටේ සංවර්ධන කටයුතු උදෙසා සහයකයෙකු ලෙස කටයුතු කිරීමත් ඉන්දියාව දිගින් දිගටම සිදු කරන බව ‘ටෲ සිලෝන්’ පෙන්වා දී තිබේ.







