ලලිත් චාමින්ද –
නෙළුව සුදුවැල්ලාව ප්‍රදේශයේ රංකැට ඇළේ තිබි හමුවු වයස අවුරුදු දෙකහමාරක් වියැති දරුවාගේ මරණය සිදු වි ඇත්තේ දියේ ගිලිමෙන් බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබු පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂා හැන්නදි විසින් සිදුකරණු ලැබුවාය.
හදිසි මරණ පරික්ෂණය නෙළුව හදිසි මරණ පරික්ෂක අයි.ජි සිරිපාල විසින් සිදුකරනු ලැබිය.
මියගොස් ඇත්තේ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවෙකි.
මෙම දරුවා තම දෙමව්පියන් සමග අලුත්ගම, දර්ගානගරයේ සිට අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇත.
නිවසේ අය එක්වි කථාකරමින් සිටියදි දරුවා නිවසින් පිටවගොස් තිබුණි. පොලිසිය, යුධ හමුදාව හා ගම්වැසියන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදි දරුවාගේ මළ සිරුර නිවස අසලින් ගලායන රංකැට ඇළේ තිබි සොයාගනු ලැබිය.
දෙමව්පියන් දරුවන් ගැන මිට වඩා සැලකිලිමත් විය යුතු බැව් හදිසි මරණ පරික්ෂක අයි.ජි සිරිපාල මෙහිදි සඳහන් කළේය.







