හිටපු කථානායකවරයකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයකු වූ ජෝෂප් මයිකල් පෙරේරා මහතා අද (28) අභාවප්‍රාප්ත විය. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා ලෙසින් කටයුතු කළ පෙරේරා මහතා මිය යන විට 82හැවිරිදි වියේ පසුවිය.
එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී නායකයකු ලෙස කටයුතු කළ ජෝෂප් මයිකල් පෙරේරා මහතා ජා ඇල නගර සභාවෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන අතර ඔහු 1978 මහ මැතිවරණයෙන් ජා ඇල මන්ත්‍රිවරයා ලෙස දේශපාලනයට එක්විය. නියෝජ්‍ය අමාත්‍ය සහ අමාත්‍ය ධුර ගණනාවක් ඉසිලූ හෙතෙම ජීවිතයේ අවසන් සමයේ දේශපාලනයෙන් ඉවත්ව විහ්‍රාමිකව කල් ගෙවීය.







