සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි දිවි සැරියෙන් සමු ගෙන ඇත. සිය නිවසේ දී එතුමෝ අභාවප්‍රාප්තවන විට 81 වැනි වියෙහි පසුවූහ.
පුරා දශයක හයක කාලයක් තිස්සේ සංගීත දිවියේ සම්මානිත වූ අග්‍රේසර මෙහෙයක් කළ එතුමන් උපත ලබන්නෙ වර්ෂ 1942 පෙබරවාරි 15 ය. ඔහුගේ උපන් ගම ගොතටුවය.
ගොතටුව මහා වීද්යාලයෙන්, ශාන්ත මැතිව්ස් විද්‍යාලයෙන් සහ මහා බෝධි මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලද එතුමෝ භාත්කණ්ඩ සංගීත ආයතනයෙන් සංගීත් නිපුන් උපාධිය ලැබූහ.
ශ්‍රී ලාංකේය ගායකයෙක්, සංගීතඥයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, චිත්‍රපට පසුබිම් ගායකයෙක් වූ සනත් නන්දසිරි ශූරීහු ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ප්‍රවීන ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරියේ දයාබර සැමියා ඇයය.
එතුමාගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දීමට නියමිතය.







