බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අධිකරණ තීන්දුවලට හිස නමන්න බැරිනම් එහි නියත ප්‍රතිවිපාක විඳින්න සූදානම් වෙන්න… විජිත හේරත් මුදල් ඇමතිට මුදල් ලේකම්ට කියයි!

by editor
මාර්තු 19, 2023
in දේශපාලන
wijitha-herath
Share on FacebookShare on Twitter

අධිකරණ තීන්දුවලට හිස නමන ලෙස මුදල් ඇමතිවරයාටත්, මුදල් ලේකම්වරයාටත් නැවත නැවතත් අවධාරණය කරන බවත්,  අධිකරණ තීන්දුවලට හිස නොනමා කටයුතු කරන්නේ නම් එහි නියත ප්‍රතිවිපාක අත්විඳන්නට සූදානම් විය යුතු බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේය.

අද රාත්‍රි 12න් පසු බල රහිතවන පළාත් පාලන ආයතන විෂයෙහි ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිත මැතිවරණය වැලැක්වීම සඳහා මහා භාණ්ඩාගරයෙන් මුදල් ලබා නොදී ඒ සම්බන්ධව ලබා දී ඇති අධිකරණ තීන්දුව ද නොසලා හැරීම සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් අද (19) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතර  මන්ත්‍රීවර ඒ බව පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ ද පැවසුවේය.

අද 2023 මාර්තු 19 වෙනිදා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පස්සෙ සියලුම මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ධුර කාලය අවසන් වෙනවා. අද මධ්‍යම රාත්‍රී 12.00න් පස්සේ මේ ආයතනවල නගරාධිපතිවරුන්ට, සභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තවදුරටත් මහජන නියෝජිතයන් හැටියට කටයුතු කරන්න බැහැ. ව්‍යවස්ථානුකූලව නිල කාලය අවසන් වෙනවා. ඒ නිසාම මැතිවරණය පැවැත්විය යුතුව තිබුණා මාර්තු මාසයේ 19ට පෙර.

නමුත් ආණ්ඩුව දිගින් දිගටම හිතාමතාම මේ මැතිවරණය කල් දැමුවා. මේ මැතිවරණය පවත්වීමට නියමිතව තිබුණේ ගිය වසරේ පෙබරවාරි අග හෝ මාර්තු මුල.  ඇමතිවරයාගේ බලය පාවිච්චි කරලා වසරකින් කල්දැමුවා. මේ වසරේ මාර්තු 09 වැනිදා ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිසම දින නියම කළා. නමුත් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබා දුන්නේ නැහැ. ඒ නිසාම මැතිවරණය අප්‍රේල් 25 දක්වා කල්දමන්න මැතිවරණ කොමිසමට සිදුවුණා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අද වන විට ඒ දිනයට මැතිවරණය පවත්වන්නත් බැරි තත්වයක් උදාකර තිබෙනවා. තවමත් මුදල් අමාත්‍යාංශයෙන් මුද්‍රණාලයාධිපතිනියට, ඒ වගේම මැතිවරණ කොමිසමට අදාල මුදල් ලබාදී නැහැ.

පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ තීන්දුවක් ලබාදුන්නා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මුදල් ඇමතිවරයා විදිහටත් රනිල් වික්‍රමසිංහටත් මුද්‍රණාලයාධිපතිනියටත් මැතිවරණය පැවැත්වීමට බාධා පමුණුවන්න එපා  අවශ්‍ය කරන මුදල් ලබාදීමට සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට. ඒ නිසා දැන් කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් නැහැ පාර්ලිමේන්තුවෙන් වෙන් කරන ලද මුදල් ලබානොදී ඉන්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව නිශ්චිතව සඳහන් වෙලා තිබෙනවා මේ රටේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බවට. ඒ බලතල ප්‍රකාරව තමයි 2022 දෙසැම්බර් මාසයේදි 2023 වර්ෂය සඳහා මුදල් වෙන්කළේ. ඒ අයවැය යෝජනාවලදි තමයි මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලයන 10ක් මුදල් වෙන් කළේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ, මුදල් අමාත්‍යවරයාගේ වගකීම තමයි ඒ මුදල් නොපමාව මැතිවරණ කොමිසමට ලබාදීම.

නමුත් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා වෙට්ටු දමමින් ව්‍යවස්ථා විරෝධී ලෙස මේ මුදල් ලබාදෙන්නේ නැහැ. ඒ නිසා අධිකරණය මේ ඓතිහාසික තීන්දුව ලබාදුන්නා. අද  මුදල් ඇමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් නොසලකා කටයුතු කරමින් ඉන්නවා.

අමාත්‍යාංශයේ මුදල් බාරව ඉන්න ප්‍රධාන නිලධාරියා තමයි ලේකම්වරයා. ඔහු භාණ්ඩාගාරයේ ලේකම්වරයා. මුදල් නිකුත් කිරීම ඔහුගේ වගකීම. ඔහු එය මුදල් අමාත්‍යවරයාට පවරා නිහඬව ඉන්නවා. ඔහුට වගකීම නොසලකා හරින්න කිසිම අයිතියක් නැහැ. ඔහු ව්‍යවස්ථානුකූලව බැඳී ඉන්නවා මේ මුදල් මැතිවරණ කොමිසම වෙත ලබාදෙන්න.

මෙවැනි ක්‍රියාවක් සිදුවන පළමුවෙනි වතාව. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, අත්තනෝමතික මැදිහත්වීම්වලින් තමයි මේ ඡන්දයට අවශ්‍ය මුදල ලබානොදෙන්නේ.

දැන් අලුත් ප්‍රශ්නයක් මතුකර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දොළවත්ත මන්ත්‍රීවරයා සහ සේමසිංහ මන්ත්‍රීවරයා, අධිකරණ තීන්දුව විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දක්වන්න උත්සාහ කළා. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් නොවෙයි. පැහැදිලිවම අධිකරණ තීන්දුව විධායකයට නියෝගයක් ලබාදීම සිදුකර තිබෙනවා.

මීට පෙරාතුවත් විවිධ අවස්ථාවලදී අධිකරණ තීන්දු කැබිනට් මණ්ඩලයට විරුද්ධව අරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වූ එකක් කැබිනට් එකට වෙනස් කරන්න බැහැ.  එසේ වෙනස් කරනවා නම් නැවත පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. කැබිනට් මණ්ඩලය බැඳී ඉන්නවා පාර්ලිමේන්තුවේ සම්මත වූ මුදල් කොමිසමට ලබාදෙන්න. ඒක තනි පුද්ගලයෙකුට ඔළුවෙ අමාරුවක් නිසා වෙනස් කළ නොහැකියි.

ඒ නිසා මැතිවරණයට අවශ්‍ය මුදල ලබාදිය යුතුයි. දොලවත්ත සහ සේමසිංහ මන්ත්‍රීවරුන් මතු කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙසට. අධිකරණ නියෝගයෙන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බලය තවදුරටත් ශක්තිමත් කිරීමක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ රටේ පරමාධිපත්‍යයේ බලය පිළිබඳව නිශ්චිතව සඳහන් වෙනවා. පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ජනතාවගේ ඡන්ද බලය. පරමාධිපත්‍ය බලය කාටවත් උදුරා ගන්න බැහැ. කැබිනට් මණ්ඩලයට පැහැර ගන්න බැහැ. ඒ නිසා අපි මුදල් ඇමතිවරයාටත්, මුදල් ලේකම්වරයාටත් නැවත අවධාරණය කරනවා අධිකරණ තීන්දුවට හිස නමන ලෙසට. අධිකරණ තීන්දුවලට හිස නොනමා කටයුතු කිරීමේ විපාක ඒ අයට විඳින්න සිදුවෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, ව්‍යවස්ථාදාකයේ වගකීමක්.

රනිල් වික්‍රමසිංහ අද මැතිවරණ කොමිසමත්, අධිකරණයත් හෑල්ලුවට ලක්කරනවා. එහෙම රනිල් අයි.එම්.එෆ්. එකේ උවමනාවට මහ බැංකුව ස්වාධින කරන්න උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තුවේ සම්මතවී තිබෙන 17, 19, 20, 21, ව්‍යවස්ථා සංශෝධනවලින් ස්ථාපිත වුණු ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ නැහැ. ඒවා හෑල්ලුවට ලක්කරමින්, චක්ගෝලයෝ දමා අධිකරණය හෑල්ලුවට ලක්කරමින් කටයුතු කරනවා.

හදිසියේම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ස්ථාපිත කළා. එහි සභාපති ලෙස චමල් රාජපක්ෂ පත් කළා. දැන් ඒ කමිටුවට දොලවත්ත මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය යොමුකර තිබෙනවා. ලබන 23දා පෙරවරු 10.30ට මේ වරප්‍රසාද කමිටුව කැඳවා තිබෙනවා. එහි න්‍යාය පත්‍රයේ පැහැදිලිව දොලවත්ත මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කර තිබෙනවා. මෙය ඉතාම බරපතළ තත්වයක්. අපේ රටේ නීතිය, නීතියේ පරමාධිපත්‍යය හෑල්ලුවට ලක්කිරීමක්. ජනතාවගේ උත්තරීතර නීතිය වූ ව්‍යවස්ථාව හෑල්ලුවට ලක්කිරීමක්.

අපි ජනතාවගේ පැත්තේ සිට ආණ්ඩුවට අවධාරණය කරනවා, වහාම මේ අධිකරණ තීන්දුවට හිස නමා, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදෙන්න. ඊට එරෙහිව යන්න විධායකට, කැබිනට් මණ්ඩලයට අයිතියක් නැහැ.

ජනතා පරමාධිපත්‍ය බලය, ඡන්ද බලය කැබිනට් එකට රනිල් වික්‍රමසිංහට පැහැර ගන්න කිසිදු හෝ අයිතියක් නැහැ. එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්, නීති විරෝධී ක්‍රියාවක්, ඊට එරෙහිව මේ රටේ ජනතාව අනිවාර්යයෙන් පෙළ ගැසෙනවා. ජනතාවගේ බලය ඊට වඩා ශක්තිමත් කියන එක අපි අනාගතයේ පෙන්වනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ නියෝග නොතැකූ මුදල් අමාත්‍යාංශ ලේකම්ට  එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නඩු රැසක්!

Next Post

නීතියට ගරු නොකරන විධායකයට එරෙහිව වෘත්තිකයින් පෙළ ගැසිය යුතුයි… නීතිඥ සංගමය

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.