බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් අධිකාරයේ අමානුෂික පහරදීමට ලක් වී නුවර පුද්ගලික පාසලක සිසුන් 10ක් මහනුවර රෝහලේ!

විදුහල්පති ඇතුළු ගුරුවරු 06ක් අත්අඩංගුවට...

by editor
මාර්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල් පාලන අධිකාරයේ අමානුෂික පහරකෑමකට ලක් වූ  මහනුවර ප්‍රදේශයේ පුද්ගලික පාසලක නේවාසිකව අධ්‍යාපනය ලබන සිසුන් 05 දෙනෙක් සහ සිසුවියන් 05 දෙනෙක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර විදුහලේ විදුහල්පති ඇතුළු  ගුරුවරු 06 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.

මේ වනවිට චූදිත විදුහල්පතිවරයා සහ ගුරුවරුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ (12)  දවල් දළදා මාළිගාවේ මගුල් මඩුවේ බොහෝ වේලාවක්  රැඳී සිටි  තරුණ ගැහැණු  සහ පිරිමි ළමයින් කණ්ඩායමක් සම්බන්ධව මාළිගාවේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ අවධානයට යොමු වී තිබේ.

පොලිසිය මෙම දරුවන් අසලට ගොස් මෙසේ බොහෝ වේලාවක් රැඳී සිටීමට හේතුව කුමක් දැයි විමසා ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

දරුවන් පවසා ඇත්තේ තමන් බොක්කාවල ප්‍රදේශයේ පුද්ගලික පාසලක නේවාසිකව ඉගනුම ලබන බවය. පාසල තුළදී තමුන්ට දැඩි ලෙස පහර දුන් බවත් යළිත් පාසල් නේවාසිකාගාරය වෙත යෑමට බියෙන් යන එන තැනක් නොමැතිව දළදා මාළිගාවේ මගුල් මඩුවේ රැඳී සිටින බව දරුවන් පොලිසිය ට දන්වා ඇත.

මේ කතාව විමසූ පොලිස් නිලධාරීන් දරුවන්ට පවසා තිබුණේ තත්ත්වය මෙසේ නම්  පොලිසිය  මෙය විසඳා දෙන බවය. අනතුරුව දරුවන් පොලිසියට රැගෙන ගිය එම නිලධාරීන් පිරිස ළමා හා කාන්තා කාර්යාංශයද සම්බන්ධ කරගෙන විමර්ශන ආරම්භ කළේය

සිද්ධිය වී තිබුනේ බොක්කාවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රීජන්සි නම් පුද්ගලික පාසලක් තුළය.මෙම පාසලේ ගුරුවරු 64 දෙනෙක් ළමුන් 190ක් සඳහා අධ්‍යාපනය ලබා දෙති. ඒ ගුරුවරුන් අතරින් කාන්තා ගුරුවරු 18කි. පිරිමි ගුරුවරු 48කි.  අක්කර 06ක් පුරා පැතිරී ඇති භූමියක පිහිටා ඇති පාසලේ කම්කරුවන් ඇතුළු අනධ්‍යයන සේවකයින් 07ක් ද වෙති.

ළමයෙකුගෙන් එක් වාරයක් සඳහා රුපියල් තිස් පන්දහසේ සිට හතලිස් දහස දක්වා මුදලක් අධ්‍යයන කටයුතු සඳහා අය කරන බවත්, නේවාසිකාගාර පහසුකම් සඳහා වෙනම වියදම් දැරිය යුතු බවත් විමර්ශනයේ දී හෙලි විය.

මෙම තොරතුරු වාර්තා කරගැනීමෙන් අනතුරුව මගුල් මඩුවේ දී හමුවුණ දරුවන් පොලිසියේ රඳවා පොලිස් කණ්ඩායමක් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පාසල පරීක්ෂා කිරීම සඳහා ගොස් තිබිණි.

එහිදී කෲර ලෙස පහර දීමට ලක් වී තුවාල සහිතව නේවාසිකාගාරයේ සිටි දරුවන් පිරිසක් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි වී ඇත. එම දරුවන් සමග පොලිසියට හමුවූ දරුන් අතරින් කිහිප දෙනෙක් ද සමග ගැහුණු දරුවන් 05ක් සහ පිරිමි දරුවන් 05ක් මහනුවර ජාතික රොහලට ඇතුළත් කීරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

මෙසේ පහර කා  තුවාල ලද  දරුවන් අතර කම්බියක් ආධාරයෙන් සිය දිවි නසා ගැනීමට තැත් කළ දරුවෙක් ද සිටිනා බව වාර්තා වේ.

අනතුරුව සිදුකළ  පරීක්ෂණය අනුව විදුහල්පති ඇතුළු ගුරුවරු 06ක් අත්අඩංගුවට  ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධව විදුහල්පති ඇතුළු ගුරුවරුන් පවසා තිබුණේ පාසලේ නේවාසිකව ඉගනුම ලබන සිසුවියන් 5ක් සිසුන් පහක් සමග නේවාසිකාගාරයේ කාමරවල සිට හසුවීමෙන් ඔවුන්ට දඬවම් කිරීමට සිදු වූ බවය.

මේ සම්බන්ධව විමසීමක් කළ විට  මහනුවර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පැවසුවේ  මෙම විදුහල පවත්වාගෙන යෑම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

විද්‍යාලය කුමණ පදනමක් යටතේ අධයාපන ආයතනයක් ලෙස  පවත්වාගෙන යන්නේ ද,  මෙවැනි කෲරත්වයකට ළමුන් භාජනය වූයේ ඇයි?, මේ ගුරුවරුන් වෘත්තීමය අවශ්‍යතා සම්පූර්ණ කළ ගුරුවරු ද?, යන්න මුලින්ම විමර්ශනයට ලක් කරන බවය.

පාසලේ ළමුන් 190ගෙන් වෙනම ප්‍රකාශ ගන්නා බවත්, දෙමව්පියන් කැඳවා ඔවුගෙන්  විශේෂ ප්‍රකාශ සටහනක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය. අනතුරුව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් අධිකාරීවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිල්ලි ගුවන් තොටුපළ ආසියා පැසිෆික් කලාපයේ පිරිසිදුම ගුවන් තොටුපළ වෙයි

Next Post

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුස්කොඩියට පිහිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7ක් ලෝක වාර්තාවක් තබති!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.