වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ ද එක්විය.
එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ ම වෙත ලබාදීම සිදුකෙරිණි.
දෙරණ-







