අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් ගෙනෙන නව නීතියක් මගින් මෙතෙක් කලක් මහබැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවල දි කෘෂිකර්මාන්තයට සහ ව්‍යාපාරවලට දුන් සහන ණය අහෝසි කිරීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගියදා මාවනැල්ලේ පැවැති ජන රැළියකට එක් වූ අවස්ථාවේ දීය.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ ආපදා අවස්ථාවල දී ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මහබැංකුවේ මැදිහත් වීම මත අඩුපොළියකට ලබා දුන් ප්‍රතිමූල්‍ය ණය නතර කිරීමට සූදානම් බවත් මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාද කියා තමන් ආණ්ඩුවෙන් අසන බවත් ය.
ගොවි ජනතාවට දුන් සියයට 7ක පොලී සහනාධාර ණය ද අහෝසි කිරීමට සැලසුම් කර ඇති බවත් යම් පුද්ගලයකු සහන ක්‍රමයකට ණයක් ගෙන ව්‍යාපාරයක් කර ගෙන යන අවස්ථාවල එම ව්‍යාපාරය යම් හෙයකින් කඩා වැටුනහොත් එහි දී බැංකුට වන හානිය මහබැංකුව පූර්ණය කළ නමුත් මෙය ද ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අනාවරණය කළේය.







