දින නියමකින් තොරව පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කල් දැමීමත් සමග මැතිවරණයේ ඡන්ද විමසීම් දිනය පිළිබඳ තීරණය ලබන 23 වැනිදායින් අනතුරුව ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.
මේ වනවිට ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරවත් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා නිසාත් අත්‍යාවශ්‍ය විදයම් ලෙස සැලකෙන ප්‍රමුඛතා මත මුදල් නිකුත් කරනු විනා මේ අවස්ථාවේ දී මැතිවරණයකට මුදල් වෙන් කිරීම බරපතල අර්බුදයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට ඊයේ දන්වා තිබිණි.
එමෙන්ම ආරක්ෂාව සහ මුදල් සම්බන්ධ කාරණා ඉදිරියට දමමින් රජයේ මුද්රණලයාධිපතිනී ගංගානී ලියනගේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම කල් දැමුවාය. ඒ හේතුවෙන් ලබන 22, 23 සහ 24 28 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය කල් ගියේය.
ඊයේ ඇය ප්‍රකාශ කළේ දැන් පවතින තත්ත්වය අනුව ඡන්දය ප්‍රකාශිත දිනය වූ මාර්තු මස 09 වැනිදා වනවිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය අපහසු බවය.







