බොරැල්ල, වනාතමුල්ල, තල්ගස්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි වැදීමකින් එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
සිද්ධිය සම්බන්ධව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (13) රාත්‍රියේ එම ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
පොලීසිය පවසන්නේ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු තම භාරයට ගැනීමට යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම කාන්තාවට වෙඩි වැදී ඇති බවය.
අනතුරුව එහි සිටි පිරිස් විසින් වෙඩි වැදුණු කාන්තාව රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
කාන්තාවගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







