සඳුදා අලුයම තුර්කියේ සහ සිරියාවේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පුද්ගලයන් 4,300 කට වැඩි පිරිසක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා ඇති බව දෙරටේ බලධාරීන් සහ නියෝජිතායතන පවසයි.

දෙරටේම ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී තිබේ. භූමිකම්පාවෙන් අන්ත අසරණ වී ඇති වයඹ දිග සිරියාවේ මිලියන 4 කට වැඩි ජනතාවක් මානුෂීය ආධාර මත ජීවත් වෙමින් සිටි පිරිසක් වීම ආධාර ලබා දෙන ආයතන දැඩි කණස්සල්ලකට පත් කර ඇත.
මේ වාර්තා වූයේ වසර 100 කට වැඩි කාලයකදී කලාපයට බලපෑ ප්‍රබලම භූමිකම්පාවකි. තුර්කියේ ගැසියන්ටෙප් පළාතේ නූර්ඩගි සිට කිලෝමීටර් 23ක් (සැතපුම් 14.2ක්) නැගෙනහිරින් කිලෝමීටර් 24.1ක් (සැතපුම් 14.9ක්) ගැඹුරින් මෙම භූමිකම්පාව ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ඔවුන්ට අනුව සඳුදා උදෑසන දකුණු තුර්කියට බලපෑ රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් රිච්ටර් මාපකයේ 4.0 හෝ ඊට වැඩි ප්‍රමාණයේ පසු කම්පන 100 ක් සිදුවී ඇත.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු අඟවා සිටින්නේ රච්ටර් මාපකයේ 5.0 සිට 6.0 දක්වා වූ පසු කම්පන තවමත් සිදු වීමට ඉඩ ඇති බවය. මේ හේතුවෙන් මුල් භූමිකම්පාවෙන් ව්‍යසනයට ලක් නොවී ශේෂ වූ ව්‍යුහයන්ට තවත් හානි සිදුවීමේ අවදානමක් ගෙන එන බවය.
මේ තත්ත්වය මෙය ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සහ දිවි ගලවා ගත් අයට ද අඛණ්ඩ තර්ජනයක් ගෙන එන බවට ඔවුහු පුරෝකථනය කරති.
දකුණු තුර්කියේ පුපුරා ගිය භූ කම්පන කාලාපය ඔසසේ නිරිතදිග සිට ඊසාන දෙසට සහ සිරියාවේ මායිමේ සිට මලටියා පළාත ආවරණයවන කිලෝමීටර් 300 (සැතපුම් 186) කට වඩා වැඩි දුරක් මෙම පසු කම්පන විහිදෙනු ඇතැයි භූ විද්‍යා සමීකෂණ ආයතනය කියයි.








