බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඩොලර් අමරෂි පොපට් විසින් බීබීසී පුවත් සේවය විසින් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ දෙවන කොටස විකාශ නොකරන ලෙස බීබීසි පුවත්සේවයෙන් ඉල්ලීමක් කර ඇත.
මන්ත්‍රීවරයා විසින් බීබීසි පුවත් සේවයේ අධ්‍යක්ෂක ජනරාල් ටිව් ඩේව් වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම කර තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ අදාල වාර්තා වැඩසටහන මගින් බ්‍රිතාන්‍යයේ සිටින හින්දු ප්‍රජාව සහ මුස්ලිම් ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් මේවන විටත් නිර්මාණය වී ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී හින්දු සහ මුස්ලිම් ජනතාය අතර අර්බුදයක් නිර්මාණය වීම වැලැක්වීමට අදාල වාර්තා වැඩසටහනේ දෙවන කොටස විකාශ කිරීමෙන් වැළකෙන ලෙසට ඔහු ඉල්ලා තිබේ.
“2023 ජනවාරි 17 වැනි දින විකාශය වූ 2002 ගුජරාට් කෝලාහල පිළිබඳව බී.බී.සී පුවත් සේවය විසින් නිෂ්පදනය කළ වැඩසටහන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිබඳවද කරුණු වාර්තා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මම කම්පනයට පත් වුනා” යනුවෙන් බව පොපාට් පැවසීය.
” නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව විශාල ප්‍රගතියක් ලබා ඇති අතර ජාතිය, ආගම හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා සෑම කෙනෙකුගේම ආරක්ෂාව නීතියට ඇතුළත් කර ඇත. ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදය ලෙස පමණක් නොව එම කළාපයේ බොහෝ රටවල් ලබා නෙදෙන නිදහසක් ඇත්ත වශයෙන්ම ලබාදීමට ඉන්දියාව පියවරගෙන තිබෙනවා.″ යනුවෙන්ද ඔහු එහිදී පෙන්වා දී තිබේ.
මේ අතර මන්ත්‍රීවරයා පැවසුවේ මෙම වාර්තා චිත්‍රපටය ඉන්දියාවේ යහපත් ගති ලක්ෂණ වලට කැළලක් නොවන බව සහතික කරන ලෙසයි.
ඉන්දියාව බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිබඳ මතභේදාත්මක බීබීසී වාර්තා චිත්‍රපට මාලාව හෙළා දුටු අතර එය අපකීර්තිමත් බවටද සඳහන් කළේය.







