ගතවු වසර දෙක හමාරක පමන කාලය තුළ හෙරෝයින් කි.ග්රෑ. 234ක් පමන අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය නිවේදනය කරයි.
ඊයේ දිනයේත් ප්රධාන මත්කුඩු කිලෝ ග්රෑමයකට වැඩි ප්රමාණයක් සමග පුද්ගලයින් තිදෙනෙක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වි තිබිණි.
එමෙන්ම හරක්කටාගේ ප්රධාන ගෝලයෙක් වූ සම්පත් හේමන්ත රාමනායක නොහොත් රාමෙ සුද්දා නැමැති පුද්ගයා හෙරොයින් ග්රෑම් 26ක් සහ මිලි ග්රෑම් 230ක් සමග අකුරස්ස, හේනේගම පරගහ වත්තේ දී විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරී කණ්ඩායමක් විසින් අත්අංගුවට ගෙන තිබිණි.
හරක්කටාගේ මෙහෙය වීමෙන් සිදුකරන ලද එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලි ඝාතනය සඳහා ද මෙම පුද්ගලයා අනුබල දී ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි. .







