රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට ගෙන්වා කරුණු විමසීමට පියවර ගන්තා බවමැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.
ඒ, කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය සම්බන්ධයෙනි.
තමන්ට ඇති බලය අභිබවා ගොස් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වලකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ උදෑසන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න නියෝගයක් කළේය.
එම නියෝගය සිදුකළේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා හෝ ඇප මුදල් භාර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලයක් මැතිවරණ කොමිසම විසින් ලබා දී නොමැති පසුබිමකය..
එම මැතිවරණයේ නාම යෝජනා සහ ඇප මුදල් භාර ගැනීම සඳහා බලය ඇත්තේ සහකාර මැතිවරණ කොමාසාරිස්වරුන්ටය.
කෙසේවෙතත් මේ වනවිට අදාළ ලිපිය ආපසු කැඳවීමට පියවර ගෙන ඇත.









