නත්තල හා අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා කාශ්මීරයට, මෙවර විදෙස් සංචාරයකින් විශාල සංඛ්‍යාවක් පැමිණ ඇතැයි ‘ඒඑන්අයි’ පුවත් සේවය වාර්තා කරයි.
2022 ජනවාරි 1 සිට දෙසැම්බර් 22 දක්වා කාලයේදී සංචාරකයින් ලක්ෂ 26ක් කාශ්මීරය නැරඹීමට පැමිණ ඇති අතර අප්‍රේල් මාසයේදී පමණක් ලක්ෂ 4.72ක් කාශ්මීරයට පැමිණ තිබේ. මැයි මාසයේදී ලක්ෂ 3.75ක් හා ජූනි මාසයේදී ලක්ෂ 3.33ක් පැමිණ ඇති බව වාර්තා පෙන්වා දෙයි.
2020 හා 2022 කාලයේදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කාශ්මීරයට සංචාරකයින් පැමිණීම සීමා සහිත විය. එහෙත් හිම නැරඹීමට එන සංචාරකයින් යලි කාශ්මීරයට පැමිණීම දෙසැම්බර් සිට ඇරඹුණු අතර, විශාල සංචාරකයින් සංඛ්‍යාවකගෙන් එහි නවාතැන් පිරිණි.
හවුස්බෝට්, හොටෙල්, සංචාරක නිවාස හා අවන්හල් කාන්තාර වී තිබූ දශක තුන අවසන්ව එම ස්ථාන සංචාරකයින්ගෙන් පිරිණි. එලෙසම ශීත කාලයේදී මුදල් හම්බ කර ගැනීමට ටැක්සි රථ රියැදුරන්, සංචාරක මඟ පෙන්වන්නථ කෝකියන්ට, සංචාරක ඒජන්තවරුන් හා සංචාරයට අදාළ කර්මාන්තවලට අවස්න්ා සැලසී තිබේ.







