පළාත් පාලන මැතිවරණය සඳහා රජයෙන් මේ වනවිට රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබුණත් ඊට අඩු මුදලකින් මැතිවරණය කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ඊයේ (08) මහනුවර දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මැතිවරණය කල් දැමීම මැතිවරණ කොමිසමේ කාර්යයක් නොවන බවත් මැතිවරණ ආඥාපනත මගින් දක්වා ඇති නීතිමය අවශ්‍යතා ක්‍රියාත්මක කිරීම එහි වගකීම බවත් කොමසාරිස්වරයා පවසයි.
අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් අදහස් පළ කරමින් පැවසූ බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
“2022 ඡන්ද හිමි නාමලේඛනයට අනුව 16856629 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.







