ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ගේ අභිරහස් මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගය මාධ්‍යයට විවෘත නොකර අද දින ආරම්භ වූයේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හි දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම සාක්ෂි විභාගය පැවැත්වෙන බව ආරංචි මාර්ග කිවේය.
වාර්තාවන ආකාරයට දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය ටානි ෂාෆ්ටර්ගෙන්, ඇය විසින් ෂාෆ්ටර් ඝාතනය වී සිටි තැනට යැවූ සමාගම් අධ්යක්ෂ ක්‍රිෂ් පෙරේරාගෙන් සහ කනත්තේ සේවකයින් දෙදෙනෙකුගෙන් සාක්ෂි විභාග කිරීමට නියමිතව තිබිණි.
දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල කනත්තේ දී අත් පා බැඳ ගෙල හිරකර ඔහුගේ වාහනය තුළම ඝාතනය කර ඇතැයි විමර්ශකයින් මුලින් පැවසුවේය. පසුව එය සිය දිවි හානි කරගැනීමක් ද යන සැකය ඔවුහු මතුකළහ.
කෙසේ වෙතත් මේ වනවිටත් එම සිද්ධියට අදාලව අපරාධකරුවෙක් පිළිබඳ නිශ්චිත තොරතුරු සහිත අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැත.







