ඉන්දියාව සහ බංගලාදේශය අතර ද්වීපාර්ශවීය වෙළෙදාම වර්ධනය කිරීමට අදාල කටයුතු වැඩිදුරටත් සාකච්ඡා කිරීමට දෙරටේ වාණිජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළකර තිබේ. ඉන්දීය වාණිජ්‍ය අමාත් පියුෂ් ගොයාල් සහ බංග්ලාදේශ වාණිජ්‍ය අමාත්‍ය ටිපු මුන්ෂි බ්‍රහස්පතින්දා නවදිල්ලියේ දී හමු වූ අතර එහිදී මෙම එකඟතාවයට එළැඹෙන ලදී.
මෙහිදී දෙරටේ ආර්ථික හවුල්කාරිත්වය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධනයක් යොමුවූ අතර එහිදී දෙරටටම වාසි සහගත වන අයුරුන් වෙළෙදාම් සිදුකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
එහිදී ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් පිළිබඳ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සඳහා දෙරට එකඟ වීමෙන් පසුව සිදු කර ඇත ද්විපාර්ශ්වික නිදහස් වෙළෙද ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළයුතු බවටද මෙහිදී සාකච්ඡා විය
මේ අතර ඉන්දියාව සහ බංගලා දේශය අතර ඇතිකරගෙන තිබෙන විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම හෙවත් සෙපා මගින් නව රැකියා උත්පාදනය කිරීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුළුල් සමාජ හා ආර්ථික අවස්ථා ලබා දෙන බවටච දෙපාර්ශවයම එකඟ විය. මීට අමතරව, හවුල්කාරිත්වය විශ්වාසදායක සහ තිරසාර කලාපීය වටිනාකම් දාමයන් ස්ථාපිත කරනු ඇති බවට අපෙක්ෂිතය.
මෙහිදී තීරුබදු නොවන බාධක ඉවත් කිරීම සහ වරාය සීමා කිරීම් අවම කිරීම, දේශසීමා විවෘත කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන විවිධ කරුණු පිළිබඳව අමාත්‍යවරු සාකච්ඡා කළහ.







