එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වෙන කවරදාටත් වඩා අභියෝගාත්මක වී ඇති බවත්, සාමසාධක නිලධාරියාට පැවරී ඇත්තේ සාමය රැකීමට නොව අතිශයින් සතුරු ගැටුම් කලාපවල ශක්තිමත් ජනවරමක් ලබාගැනීමට බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ සාමසාධක සෙබළුන්ට එරෙහි අපරාධ සඳහා වගවීම පිළිබඳ මිතුරු කණ්ඩායම දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය. ප්‍රතිපත්ති ප්රවේශයන් හා තාක්ෂණික භාවිතය තුළින් වගවීම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන මෙම කණ්ඩායමේ සම සභාපතිත්තවය දරන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා ය.
මෙහිදී ඔහු සඳහන් කළේ සන්නද්ධ කණ්ඩායම්, ත්රස්තවාදීන් හා ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කල්ලිවලට මැදිහත්වීම සාමසාධක හමුදා මෙහෙයුම්වලට අහිතකර ලෙස බලපා ඇති බවයි.
“සාම සාධක මෙහෙයුම්වල සේවය කරන එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් ඝාතනය කිරීම සහ ඊට එරෙහි සියලු ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කරන ලෙස ඉල්ලා සිටිනවා..” ඔහු තවදුරටත් පැවසීය. UNSCR 2589 හි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජික රටවලල විශේෂයෙන් හමුදාවේ සහ පොලිසියට දායක වන රටවල දේශපාලන කැමැත්ත මෙම කණ්ඩායම නියෝජනය කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
මේ අවස්ථාවට ඉන්දියාව සමඟල බංග්ලාදේශයල ඊජිප්තුවල ප්රංශයල මොරොක්කෝව සහ නේපාලය වැනි දායක රටවල් එහි සම සභාපතිවරුන් ලෙස සහභාගී විය.









