දිනසේන රතුගමගේ
උදරාබාධයක් වැළදී කෑ ගසමින් සිටි මාස 8 ක් වයස ළදරුවෙකුට යාපනයේ කෝවිලකින් නූල් මතුරා දී දෙමව්පියන් දෙදෙනා දින දෙකක් නිහඩව සිටියදී දරුවාගේ රෝගය උත්සන්න වීමෙන් පසුව ඔහුව රෝහල් ගත කරණ විට ගොස් තිබේ.
ඊයේ (25) දිනයේ දී මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ නිවසක සිටි දරුවෙකි.
දරුවාට උදරාබාධයක් හට ගැනීමෙන් පසුව ඔහු උණ රෝගයෙන්ද පෙලීම නිසා ගමේ පිහිටි හින්දු කෝවිලක් වෙත ගොස් මව හා පියා කෝවිලේ පූජකවරයාට සිද්ධිය සැලකොට නුලක් මතුරවා ගෙන පැමිණ එම නූල දරුවාගේ බැඳ සුව වෙනතුරු බලාගෙන සිට ඇත.
දින දෙකකට පසුවද දරුවාගේ හැඬීම නතර නොවන නිසා ඔහුව යාපනය ශික්ෂණ රෝහල වෙත ගෙන ගිය අවස්ථාවේදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරු ළමයා රෝහලට ඇතුළත් කරණ ලෙස දැණුම් දී තිබේ.
ඊට ස්වල්ප වෙලාවකට පසුව ළදරුවා මියගොස් ඇත.
මරණය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ උදරාබාධය නිසා දරුවාට හටගත් අධික විජලනය හේතුවෙන් දරුවා මිය ගොස් ඇති බවයි.







