අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ඇමතිටයි නඩු දාන්න ඕන මිනිස්සු කළුවරේ තිබ්බට… විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති  නිහාල් වීරරත්න

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • වෘත්තීය ජීවිතේ මීට වඩා ලොකු අභියෝග ඇවිත් තියනවා… මේ ඇහුම්කන් නොදෙන ඇමතිවරයා එක්ක ලොකු ගමනක් රටකට යන්න බෑ..

  • මා කළ ප්‍රකාශ කිසිසේත් අස්කරගන්නෙ නෑ… මා ඒ කතාව කිව්වෙ සිද්ධාන්ත මත…

තමන්ගේ   වසර විස්සක වෘත්තීය ජීවිතය තුළ මීට වඩා ලොකු අභියෝගවලට මුහුණ දී ඇති බවත්, වෘත්තිකයෙකුට ඇහුම්කන් නොදෙන මේ   ඇමතිවරයා සමග ඉදිරි ගමනක් නැති බවත්  විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න ලංකාසරට පැවසීය.

ඇමතිවරයා ඔහුට එරෙහිව පවරන නඩුව ගැන කළ විමසීමේ දී ඔහු කීවේ විද්‍යාත්මක දත්ත මත අනතුරක් වීමට ප්‍රථම තමන් කළ ප්‍රකාශ තවමත් ඒ ලෙසම වලංගු බවය. රට අඳුරේ තැබීම සම්බන්ධව මේ ඇමතිවරායට එරෙහිව ජනතාව නඩු දැමිය යුතු බවත් සභාපතිවරයා පැවසුවේය.

ඔහු ලංකාසරට අදහස් දක්වමින්  මෙසේද පැවසුවේය.

“එතුමට තමයි මට නඩු දාන්න වෙන්නෙ. නමුත්      රටේ ජනතාව එතුමට  නඩු දාන්න ඕන රටේ මිනිස්සු කළුවරේ තිබ්බට. “

“මම මේ කියන්නෙ ගල් අඟුරු ගේන්න එපා කියලා නෙමෙයි. මම මේක අද ඊයෙ පටන් ගත්ත සංවාදයක්තු දෙයක් නෙමෙයි. ගිය අවුරුද්දෙ ගල් අඟුරු ප්‍රමාණයත් බොහොම සීමාකාරී විදිහට කළමනාකරණය කරගත්තේ. සැප්තැම්බර් 15 වෙනකොට ගෙනාපු ගල් අඟුරු ටික ඉවර වුනා. අපි බයේ හිටයේ ගල් අඟුරු ගේන්න බැරි වෙයි කියලා. කොහොමහරි ලංකා කෝල් සමාගම ඒක ගේන්න සමත් වුනා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සමාගම කොහොමින් හරි විවිධ බාධා මැද්දේ දැන් නැවු 05ක් ගෙනත් තියෙනවා.  ඒ නැවු පහ ඉවර වෙලා හය වෙනි නැව එන්න ප්‍රමාද වෙනවා කියන්න කලින් අපි කිව්වා කාලය ඉක්මනින් බලන් ඉද්දි  යනවා, අපිට නැව් 37ක් ගෙන‍්න ගන්න තියනවා,  තාම නැවයි දෙකයි ආවෙ කියලා..  අපි ඒක නිතරම කිව්වා.  ඒ හින්දා මේ සම්බන්ධ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න කියලත් කිව්වා.“

අපි දැක්කා පහුගිය කාලෙ ගල්අඟුරු ඩෙන්ඩරයක් කැඳවලා, ඊට   අනිසි විදිහට මැදිහත් වීම් කරලා ටෙන්ඩරය අවලංගුවෙන මට්ටම පත් කළා බව.

“මේවා දකිනකොට අපට පේනවා අපට නැව් තිස් අට අප්‍රේල් 15 වාරකන් කාලයකට කලින් බාගන්න බෑ කියන එක. ගෙන්නුවත් වැඩක් නෑනෙ බාගන්න බැරිනම්. “

“ එක නැවක් බාන්න දින පහක් යනවා. කාලය ඉතාම සීමිතයි.  මේ ප්‍රකාශය කළේ    සිද්ධාන්ත  මත. ප්‍රායෝගික ප්‍රශ්න උඩ නැවකින්  ගල් අඟුරු බෑම සඳහා යන කාලය වැඩි වෙනවා මිස අඩු වෙන්නෙ නෑ.    මේ සියල්ල දැනගෙන අපි ඒ ගැන  කලින්  කියන්නෙ රටේ යහපතට. ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්නෙ කොහොමද?. මා කියන දේ  බුද්ධිමත් ජනතාව තේරුම් ගනී. කැමති කට්ටිය නඩු දායි. “

සභාපතිවරයා කීවේය. ඔහු පැවසුවේ තමන්ගේ විසි අවුරුදු කාලය තුළ මීට වඩා ගැඹුරු අභියෝගවලට මුහුණ දී ඇති බවය.  මේ වැනි සංකීර්ණ ආර්ථික බිඳවැටීමක් සහිත අවස්ථාවක රටට අවශ්‍ය වන්නේ වෘත්තිකයින් සමග සාකච්ඡා කළ හැකි, ඇහුම්කන් දෙන ඇමතිවරයෙක් බවය.

“මේ ඇමතිවරයා ආපු දවසෙ සිට අපට සවන් දෙන්නෙ නෑ, හිතුවක්කාරී විදිහට කටයුතු කරනවා.  අපි එතුමා මුණගැහෙන්න ඉල්ලීම් කරලා තියනවා. කිසිම සවන් දීමක් මේ වනතුරු කරලා  නෑ.““

ජනතාව ඇමතිවරයෙක් පත් කළාම ඇමතිවරයා  දැනගන්න ඕන තනියම මේ ගමන යන්න බෑ කියලා.  මේ සඳහා පාර්ශව එකතු කරන්න ඕන ඇමතිවරයා. නැතිනම් අමාත්‍යාංශ ලේකම්වරයා. ඒක කරන්නෙ නැතිව අපේ යෝජනා පිළිගන්නෙ නැතිව කල් මරලා දැන් වැඩේ වරදින්න යනවා. අපි එය කලින්  පෙන්වා දෙනවා. ඒකට අපිට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.   ඒක හරිද වැරදිද කියලා රටේ ජනතාව තීරණය කරයි. අපි ඕනෑම අභියෝගකට මුහුණ දෙන්න ලෑස්තියි.

එසේ පවසන විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න  කියන්නේ තමන් කළ කිසිම ප්‍රකාශයක් වෙනස් නොවන බවය. නමුත් තමන්ගේ ප්‍රකාශයේ යථාර්ථය වසා දැමීම සඳහා ජිල්මාට් ගැසිය හැකි බවත් එහි අවසන් භයානක ප්‍රතිඵලය අත්විදින්නේත් මේ රට සහ ජනතාව බවත් සභාපතිවරයා කීවේය.

“ මට බොරු කියන්න බෑ. මං වගකිවයුතු නිලධාරියෙක්. හැබැයි ඒ අය මෙහෙම කරන්න පුලුවන්. ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනක් තියනවා. ඒකෙන් එකක් නවත්වලා දෙකක් දුවයි.  දුවන දෙක අඩු කරලා දුවයි. අපි කියන්නෙ අඩු කරලා මැෂින් එක නිකම් දුවන එක ගැන  නෙමෙයි. මැෂින් දුවන්නෙ රටේ ඉල්ලුමට සරිලන විදුලිය දෙන්න.   රටට සරිලන විදුලි සැපයුම නොදී   රට රවට්ටන   වැඩ කරන්න   කරන්න පුලුවන් ඔවුන්ට. “

“දැනට නවත්වලා තියෙන්නෙ අපේ  එක බලාගාරයයි. ඒ තමයි කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි   බලාගාරය. ඒක දුවන්නෙ නැප්තා වලින් . නැප්තාවලින් දුවනවා කියන්නෙ යුනිට් එක 42 -43ට දුවන්න පුලුවන්. නමුත් මෙච්චරකල් නැප්තා තිබුණෙ නෑ.  පිරිපහදුව වහලා තිබුණේ.“

“නැප්තා දුන්නොත් ඒ බලාගාරයෙන්  මෙගාවෝට් 150ක් නිපදවිය හැකියි. නොරොච්චෝලෙ මෙගාවොට් 810 එකෙන් නිපදවන්න බෑ.“

“නැප්තා නොදී ඩීසල් දුන්නොත් යුනිට් එකට රුපියල් පනහකින් වැඩිවෙනවා. එහෙම වුනොත් ඒ බර දරන්න වෙන්නෙ මණ්ඩලය. නැතිනම් ජනතාවට. මණ්ඩලයට ඒ පරිවැය දරන්න පුලුවන් හැකියාවක් නෑ. බොහෝ විට එය ජනතාව පිට පැටවෙයි.“

“ඒ අය තව උත්සාහයක් දරයි. දැනට දිවයිනේ ප්‍රධාන ජලාශවල තිබෙන්නෙ ධාරිතාවෙන්  සියයට හැත්තෑ පහයි. ඒ ජලයත් අරන් විදුලි ජනනය වැඩි කරයි.   නමුත් එ් හැම දේම දීර්ඝ කාලීනව රටට අයහපත් ලෙස බලපායි.“

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ සියල්ල බලාගන්න ඕන මහජන උපයෝගීතා කොමිසම විසින්. ඔවුන් තමයි අපව නියාමනය කරන්නෙ. මහජන උපයෝගීතා කොමිසම නිසි විදිහට අපව නියාමනය කරයි කියලා බලාපොරොත්තු වෙනවා.“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නොරොච්චෝලේ බලාගාරය ඉදිරිපිට විදුලි සේවකයෝ උද්ඝෝෂණයක…

Next Post

ලාදුරු තවමත් හොල්මන් කරයි… වැඩිම රෝගී පිරිස මොරටුවෙන්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.