රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියකු බවටත් ඒ අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීම නිත්‍යනුකූල නොවන බවටත් ප්‍රකාශ කරමින් ඇයට එරෙහිව මේ වනවිට අභියාචනාධිකරණයේ ගොනුව පවතින නඩුව ලබන ජනවාරි 26 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. සෝභිත රාජකරණා සහ ධම්මික ගනේපෝල යන අභියාචනාධිකරණ විනිසුරු දෙපළ විසින් මෙම දින නියම කර ඇති අතර ඇයට එරෙහිව නගා අති චෝදනා සම්බන්ධයෙන් ලබන ජනවාරි මස 13 වැනිදාට පෙර ප්‍රතිඋත්තර බඳින ලෙසටද ඩයනා ගමගේ මහත්මිය ගේ පාර්ශ්වයට නියෝග දී ඇත.
අභියාචනාධිකරණයේ ඇයට එරෙහිව නඩුව ගොනු කළ සමාජ ක්‍රියාකාරීකයකු බව ඕෂල හේරත් මහතා ට අදාළ කරුණු ජනවාරි මස 23 වනිදාට පෙර ගොනු කරන ලෙස නියම වී ඇති බව ඔහු අද මාධ්‍ය්‍යට කීවේය. අධිකරණයෙන් පිටතට විත් ඔහු මාධ්‍ය හමුවේ තවදුරටත් සඳහන් කළේ මේ වනවිටත් ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් පැහැදිළිව තොරතුරු එළියට ඇවිත් තිබෙන පසුබිමක තවදුරටත් රජයේ මුදල් නාස්ති නොකොට නිවැරදි දේ කිරීමට ඩයනා ගමගේ මහත්මිය තීරණය කළ යුතු බවයි.







