ශ්‍රියානි විජේසිංහ
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩුවෙල නගරයෙන් අද ආරම්භ කළ බව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
මේ අනුව කඩුවෙල නගරාධිපතිගේ අනුමැතිය මත කඩුවෙල නගරයේ හෝටල් සේවකයින් සියයකට ආසන්න පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහන මගින් වස විසෙන් තොර සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් ජනතාවට ලබා දෙන්නේ කෙසේද යන්න පිලිබඳව දැනුවත් කිරීම් ආරම්භ කළ බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක සඳහන් කළේය.
මෙම දැනුවත් කිරීමට අනුව හෝටල්වල ආහාර පිළියෙළ වන්නේද යන්න පිලිබඳව මාස්පතා පරික්ෂා කිරීම් කරන බවත් තමන් ලබාදුන් උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන හෝටල් වෙතොත් ඒවා සති දෙකකට වරක් පරික්ෂා කරන අතර තවදුරටත් ජනතාවට නිසි සේවාවන් ඉටු නොකරන හෝටල් සතියකට වරක්ද පරික්ෂා කරන බව වෛද්‍ය ගජනායක පැවසුවේය.
ගුණාත්මක ආහාරයක් ලබානොගැනීමෙන් මේ වන විට ජනතාවට බෝනොවන රෝග ගණනාවකට ගොදුරු වී ඇති බවත් ඉදිරියේදී තවත් ගොදුරු වෙමින් පවතින බැවින් මෙම තත්ත්වය පාලනය කිරීමේ අදහසින් මෙම වැඩ පිළිවෙළ ආරම්භ කළ බව අධ්යක්ෂවරයා පැවසුවේ.







