ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදය සමනය කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන චීනය සමඟ එක්ව ක්‍රියාකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශිකා ‘මාවෝ නින්ග්’ පසුගියදා ප්‍රකාශ කළාය.
ඉන්දීය මාධ්‍යවේදිනියක් මේ සම්බන්ධයෙන් කළ විමසුමකට ප්‍රතිචාර ලෙස මේ බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශිකාව තවදුරටත් සඳහන් කළේ චීනය, ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් නිවේදනය කළ යුතු යමක් වේනම් චීනය එය යථා කාලයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවය.
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශවික ණය ලබා දෙන්නා බවට පත්ව ඇති චීනය එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දුෂ්කරතා හා අභියෝග සම්බන්ධයෙන් චීනය ඉතා ඉහළ වැදගත්කමක් ලබා දෙන බවය.
“අපි ශ්‍රී ලංකාවේ අර්බුදය නිසියාකාරයෙන් විසඳා ගැනීම සඳහා මූල්‍ය ආයතන සමඟ සුහදව සහයෝගයෙන් ක්‍රියා කරනවා.. ඒ වගේම අපි අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් බලාපොරොත්තු වෙන්නේ චීනය සමඟ මෙම කටයුත්තේදී අර්ථාන්විත ලෙස ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා ඔවුන් ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තු වෙන බවයි…”







