ලලිත් චාමින්ද –
අක්මීමන මාදොල ප්‍රදේශයේදී සැමියා විසින් තම බිරිය තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කොට ඔහුද ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බැව් අක්මීමන පොලිසිය පවසයි .
අද (05)පස්වරුවේදී මෙම සිද්ධිය සිදුවී ඇත. සැමියා විසින් තම බිරිඳගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර නිවසේ මුළුතැන් ගෙහි තිබෙන අතර .සැමියා නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මිය ගොස් ඇත .
මෙම යුවලට දරුවන් දෙදෙනෙකු සිටින බව පොලිසිය පවසයි. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහ දිවි හානිකරගත් සැමියාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියේය.
දිවි හානි කරගත් පුද්ගලයා ගස් කැපීමේ නිරත අයෙකි. සිද්ධිය සම්බන්ධව අක්මීමන පොලිසිය පරීක්ෂණ පවත්වයි .







