සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර වාහන සිද්ධිය – රෝහිතගේ බෑනාට ඇප…

by editor
අගෝස්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නීත්‍යානුකූලව රට තුළට ගෙන්වා නැති සුඛෝපභෝගී ජිප් රථයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර අලෙවි කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනාවන ධනුෂ්ක වීරක්කොඩි ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද මතුගම අධිකරණය නියෝග කළේය.

ඇප කරුවන් ලඟම ඥාතීන් විය යුතු බවට ද අධිකරණය නියෝග කළේය. නඩුව යළි සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවීමට නියමිතව තිබේ.

සිද්ධිය –

පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ව්‍යාජ දත්ත සහිතව ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී වාහනයක් පසුගිය 19 වැනිදා  මතුගම දී අත් අඩංගුවට ගන්නේය.   වාහනය තිබුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ගත් විතානගේ පුත් රසික විතාන සන්තකයේ ය.

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වූයේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහනයක් බවය.

ෙඅත් අඩංගුවට ගත් රසික විතාන මතුගම පොලිසියට භාර දුන් පසු ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ පියාගේ සමාගමක් නමින් ලබා ගත් මෙම රථය මිලදී ගන්නේ රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් අබේගුණවර්ධනගෙන් බවය.‍‍

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ඒ අනුව විමර්ශන නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පදිංචිව සිටි නාගොඩ ප්‍රදේශයේ නිවසට යන විට ඇයත් ඇයගේ සැමියාත් අතුරුදහන්ව සිටියේය. ඒ අතර උසාවියට ඉදිරිපත් කළ රසික විතාන රක්ෂිත බන්ධනාගාරගත කළේය. සිද්ධිය සම්බන්ධව දීර්ඝ විස්තරයක් ජගත් විතාන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළේය. ඔහුගේ පුත් රසික විතාන දැන් ඇප මත නිදහස් වී සිටී.

පසුගිය 24 වැනිදා මේ ගනුදෙනුව සම්බන්ධව අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මතුගම අධිකරණය වෙත පසුගිය 24 වැනිදා භාර විය.

අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක වීරක්කොඩි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේ අතර පෙරේදා (30) සිද්ධිය සම්බන්ධව සොයමින් සිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වූ රොෂෙල් අබේගුණවර්ධන වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට පැමිණ භාර වුනේය. පසුව ඇයව අත් අඩංගුවට ගත් එම ඒකකය පැය 09ක දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මතුගම පොලිස් භාරයට පත් කළේය. ඊයේ මතුගම අධිකරණයට    ඉදිරිපත් කළ රොෂෙල් අබේගුණවර්ධන ඇප මත නිදහස් වුනාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රෙඩිට් එක ජනාධිපති තුමාට තමයි… ඒත් මේ ලැබුවේ රටක් විදිහට පක්ෂ පාට අමතක කරළා කළ සටනක සාමුහික ජයග්‍රහණයක්… හර්ෂ කියයි!

Next Post

සමන්ත ප්‍රීතිකුමාර ඝාතනය කළ පොලිස් වධකයින්ට මානව හිමිකම් කොමිසමෙන් ලැබුණු ඉතිහාසගත තීන්දුව!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.