කීර්ති ප්‍රනාන්දු –
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට (14)උණුසුම් දර්ශකය අනුව මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව පවසයි .
ඒ අනුව නැගෙනහිර උතුරු- මැද පළාත් සහ කොළඹ, ගම්පහ, කුරුණෑගල කිලිනොච්චිය ,වව්නියාව, මුලතිව්, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව සඳහා මෙම මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානයට යොමු කළ යුතු මට්ටමක ඇති බවට නිවේදනය සඳහන් වේ .
එම නිවේදනයට අනුව තද අව් රශ්මියට වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම් තුළින් විජලනය හා ලවණ ඉවත් වීම නිසා මස් පිඬු පෙරළීම ඇතිවිය හැකි බවත් අවධාරණය කරයි .
එසේම විජලනය හා මස්පිඩු පෙරලීම සහ අධික උෂ්ණත්වය නිසා අධික මහන්සිය ඇතිවිය හැකි බවත් එමගින් ශරීරයේ උෂ්ණත්වය නියාමනය අඩපණ වීමට ඉඩ ඇති බව ද වැඩි අවධානය මගින් පෙන්වා දෙයි .
එබැවින් මෙම අවදානමෙන් ආරක්ෂා වීම සඳහා වැඩබිම් තුළ කටයුතු කරන පුද්ගලයන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, හැකි පමණ සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් ,නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙස හා සුදු හෝ ළා පැහැති ඇඳුම් භාවිතා කරන ලෙසද ජනතාවට දැනුම් දී සිටී .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වේ








