බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිමිවරු 200ක ගේ ජීවිත අනාරක්ෂිතයි…. අද සවස යළිත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි…

දුගී  ගොවි ජනපදයක් ගොදුරු ගම් කරගෙන අලි කොටි වගවලසුන් මැද වැඩ හිඳින අපට මෙහෙම කරන්න එපා... දිඹුලාගල නා හිමිවරු ජනපතිට කියති!

by editor
අගෝස්තු 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය අද ( 24 )  සවස දෙවන වරටත් විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පැවසූහ,

1954 අවධියේ සිට එවකට හිටපු ජනාධිපතිවරුන් විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිබිල ගෙවීමකින් තොරව නිදහස් කර ඇති නමුත් මේ වසරේ දෙවැනි වරටත් මෙම විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලි, කොටි,  වලසුන් මැද වැඩවාසය කරන තම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද රාහුලාලංකාර නාහිමියෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

රුපියල් ලක්ෂ 57කට ආසන්න මුදලක්  ගෙවීමට තිබෙන මෙම විදුලි බිල දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කිසිසේත්ම ගෙවීමට තරම් වත්කමක් නැති බවත්,  මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල නිදහස් කර දෙන  ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මෙන්ම විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ. මේ අසරණ තත්ත්වයෙන් නිදහස් වීම සඳහා මැදිහත්වන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ද උන්වහන්සේ ඉල්ලූහ.

විදුලි ගාස්තු වැඩිවීමට පෙර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මාසික විදුලි බිල ලක්ෂයක පමණ මුදලක්, පැමිණියද විදුලි ගාස්තු වැඩිමත් සමග මාසිකව රුපියල් ලක්ෂ හතරහමාරක, පහක විදුලි බිලක් ලැබීම දරා ගැනීමට නොහැකි බවත් උන්වහන්සේ කීහ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

දිවා මෙන්ම රාත්‍රී කාලයේ වනසතුන්, අලිඇතුන්, ගැවසෙන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා, සාමනේර භික්ෂූන් වහන්සේලා දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති  බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

වෙනත් විහාරස්ථාන සහ ආරණ්‍ය සේනාසනවලට මෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ආධාර මුදල් පරිත්‍යාගයන් නොලැබෙන බවත්, මෙම ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ දුෂ්කර ජීවිතයක් ගෙවන ගොවි ජනතාවක් ජීවත්වෙන ප්‍රදේශයක නිසා,   මාසිකව විදුලි බිලක් ගෙවීමට තරම් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ආර්ථිකයෙන් පොහොසත් නොවන දිඹුලාගල  බුද්ධ ශ්‍රාවක  සංඝ සභාව සඳහන් කළේය.

මේ සම්බන්ධව අදහස්  දක්වන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන්නේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙහි විදුලි බිල ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් වසර තිහකට ආසන්න කාලයක් ගෙවූ  බවය.,

මේ වනවිට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය මත සෑම විදුලි පාරිභෝගිකයෙකුටම විදුලිබිල ගෙවීම අනිවාර්ය කර ඇති බැවින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ද විදුලි බිල ගෙවීම අනිවාර්ය බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගිලන් වූ පුංචි හදවත් සුවපත් කරන්න එක්වන බවට පොරොන්දුවක් අරන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ළමා රෝහලට යති…

Next Post

LPL සූදු පොළක්… ශූරතාවය දිනපු කැන්ඩි කණ්ඩායමට අනුග්‍රහය දැක්වුයේත් B-Love කියන තහනම් ක්‍රිප්ටො කරන්සි ආයතනය – අධිකරණ ඇමති!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.