හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු වූ තලාතුඔය කපුලියැද්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විදුලි මීටරයේ ක්‍රියාකාරීත්වය මන්දගාමී කර වසර 10ක පමණ කාලයක් තිස්සේ වංචනික ලෙස විදුලිය ලබාගෙන ඇති බවට ලද තොරතුරු මත විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10 ) පොලීසියේ ද සහය ඇතිව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ව්‍යාපාරිකයා විදුලිබල මණ්ඩලය ට සැක කළ නොහැකි ලෙස දීර්ඝ කාලයක් තිස්සේ වංචනික ලෙස නිවසට විදුලිය ලබා ගෙන ඇති බව හෙළි වී ඇත.
සැකකරු අද (11) මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
ඔහුට ජූලි මස 06 දින යළි අධිකරණය පෙනී සිටින ලෙස වැඩබලන මහේස්ත්රාත්වරවෙනියා නියෝග කර තිබේ







