බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු CID ලොක්කෙක් අත් අඩංගුවට ගන්න අල්ලස් කොමිසම යද්දි ඔහු ගෙයත් හැර දමා පලා ගිහින්… තවමත් ඉන්නේ හැංගිලා….

by editor
ජූලි 18, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර,  පසුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස උසස්වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මුදල් විශුද්ධිකරණ පනතට අදාල අපරාධයක් සම්බන්ධව විමර්ශන කටයුතු සඳහා අත් අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ඔහුගේ නිවස වැටලීමට යද්දී ඔහු නිවස අත්හැර පලාගොස් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මේ තැනැත්තාගේ රාජකාරි ජීවිතය පුරාම බරපතල ප්‍රශ්න තිබුණද හිටපු කුප්‍රකට පොලිස් ප්‍රධානියෙක් ඔහුව දිවි හිමියෙන් ආරක්ෂා කළ බව පොලිසිය වරෙක කීවේය. මෙම පොලිස් ප්‍රධානියේ සියලුම අනීතික පොලිස් අපරාධ මේ තැනැත්තා ලවා කළමනාකරණය කරගැනීම නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුන බවට පොලිසිය තුළින්ම චෝදනා එල්ල වී තිබිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මුදල් විශුද්ධිකරණයට අදාල විමර්ශනය මේ පුද්ගලයාට එරෙහිව දියත් කර ඇත්තේ රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන මුදල් විශුද්ධිකරණ අපරාධයක් සඳහා අත් අඩංගුවට ගෙන සිටි  සැකකරුවන් නිදහස් කිරීම ඇතුළු අපරාධ සිද්ධි කීපයක් සම්බන්ධයෙනි.

මෙම පුද්ගලයා සම්බන්ධව විමර්ශනයට පාදකවන මුඛ්‍ය මූල්‍ය අපරාධය වූ මුදල් විශුද්ධිකරණ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් ලක්ෂ හැත්තෑවක මුදලක් ලබාගෙන නිදහස් කිරීම සම්බන්ධව එවකට අධිකරණ නියෝගයක් මත විමර්ශනයක් සිදුකර අධිකරණයටත් කරුණු වාර්තා කර තිබිනි. මේ අපරාධය සම්බන්ධව විමර්ශනය කරනු ලැබුවේ එවකට සහකාර පොලිස් අධිකාරීවරයෙක් වූ එන්. වී. ලෝරන්ස් විසිනි. ඔහු සිදුකළ විමර්ශනයට අදාල කරුණු වාර්තා කිරීම මත මෙම දූෂිත නිලධාරියා අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.

ඒ සමගම දැඩි ලෙස කලබල වුන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහල පොලිස්  උපදෙස් ලබාගෙන විමර්ශනය සිදුකළ සහකාර පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් කාර්යභාර්යක් රහිතව වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයට මාරු කර දැම්මේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

අනතුරුව තවත් කුප්‍රකට නිලධාරියෙක් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට ස්ථානාධිපති නෙවිල් සිල්වා ලවා විමර්ශනය යළි සිදුකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අපරාධය වසා දැමුවා පමණක් නොව අසත්‍ය කරුණු උසාවියට වාර්තා කළ බව පවසමින් සහකාර පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස්ට එරෙහිව විමර්ශනයක් පවත්වා ඔහුට දඬුවම් කළේය. මේ අසාධාරණයට එරෙහිව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට ගියේය. එම නඩුව තවමත් ඇසෙමින් ඇත.

දැන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගන්නට හොයන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධව තවත් බරපතල කතා ඇසුනි. පාතාල අපරාධකරුවෙක්වන ගොනාකෝවිලේ අංජු සහ ඇල්ටො ධර්මේ නැමැත්තන් සමග පැවති සම්බන්ධකම් හරහා ඔහුට අංජුගෙන් තෑග්ගක් ලෙස මෝටර් රථයක් ලැබුණු බවත්, එම වාහනය ඔහු පොලිසිය තුළ සිටි ඔහුගේ අනියම් පෙම්වතිකයට ලබා දුන් බවත් ඒ වකවානුවේ බුද්ධි අංශ විසින් හෙළිදරවු කරගෙන තිබිණි.

කුඩු සළිඳුගේ මනුෂ්‍ය ඝාතනයක් වසන් කර ඔහු රටින් පැන්නීම සම්බන්ධව ද මේ කුප්‍රකට නිලධාරියා එවකට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවශ්‍යතාවය මත උපකාර කළ බවට ද චෝදනා එල්ල විය.  කුඩු සළිඳු ත්‍රීවිල් රථයකින් ගමන් කරමින් සිටි මාළු ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කළේය. මේ සම්බන්ධව විමර්ශනය කළේ ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියෙක් ලෙස කීර්තියක් දිනාගෙන සිටි සංජය ඉරසිංහය. ඔහුගේ විමර්ශනවලින් අපරාධකරු හඳුනාගෙන තිබිණි. අපරාධකරු  කුඩු සළිඳුය. සළිඳු රටින් පැනීම නැවැත්වීමට උසාවියෙන් ගුවන් ගමන් තහනමක් ගැනීමට උත්සාහ කරද්දී ඉහළපොලිස් නිලධාරියෙක් මැදිහත්වී එම උත්සාහය නවත්වා තිබිණි. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ඒ මැදිහත්වීම සිදුකළේ එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවය.

අනතුරුව සංජය ඉරසිංහ විමර්ශනයෙන් ඉවත් කර එවකට ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාරව සිටි ප්‍රශ්නගත නිලධාරියා ලවා විමර්ශනයක් යළි ආරම්භ කළේය. ඒ සමගම වෙඩි තැබීම සඳහා යොදා ගත් ගිනි අවිය හමුවූ බව කියැවිනි. ඝාතනය සඳහා අපරාධකරුවන් පැමිණි බව කියන යතුරුපැදිය බොල්ගොඩ වැවේ තිබී හමුවූ බව කියැවිනි. කතාව මෙසේ ඇසෙද්දී සංජය ඉරුසිංහගේ විමර්ශනයෙන් හඳුනාගෙන සිටි අපරාධකරුවන කුඩු සළිඳු රටින් පැන්නේය. ඒ ගුවන් ගමන් තහනම ගන්නට පෙරය.

ටික දවසකින් අනාවරණය වන්නේ සොයා ගත් බව කියන ගිනි අවිය මේ අපරාධයට යොදාගත් ගිනි අවිය නොවන බවය.   එය රස පරීක්ෂකවරයා විසින් තහවුරු කළේය. එමෙන්ම ඝාතනය කරන්නට පැමිණි යතුරුපැදිය බව කියා බොල්ගොඩ වැවෙන් ගොඩගත් යතුරු පැදිය ද ඝාතකයින් පැමිණි යතුරුපැදිය නොවන බව තහවුරු වුනේය. මේ බොරුව හදන්නේ කුඩු සළිඳු රටින් පන්නන්න බව පොලිස් ආරංචි මාර්ග කීවේය. කළ හැකිව දෙයක් තිබුණේ නැත. මක් නිසාද යත් පොලිසිය තිබුණේ අපරාධකරුවන් ගේ පාලනයේ නිසාය.

මේ සමගම මේ අපරාධය කළ බවට හෙළි වී සිටි කුඩු සළිඳුගේ පාර්ශවය ගාල්ලේ සිට පානදුරට රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් එවා තිබුණු බවට තොරතුරු වාර්තා විය. එම මුදල ලබා දී තිබුණේ යතුරුපැදියකින් පැමිණි අයෙකුටය. මේ සම්බන්ධව විමර්ශන අංශ සොයාගෙන තිබුණේ මුදල ඉහළ පොලිස් නිලධාරියෙක් වෙත යන බවය. අනතුරුව යළිත් වරක් කරලියට එන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නෙවිල් සිල්වාය. ඔහු විමර්ශනයක් කර කීවේ මේ මුදල් උන්ඩියල් ක්‍රමය හරහා රටින් පැන්නීමට තිබූ මුදලක් බවය.

කෙසේ වෙතත් මෙම මුදල බෙදා හැරීමේ වගකීම ගත් යතුරුපැදි කරු දින කීපයකින් සිදුවූ පාතාල ගැටුමක් නිසා මරණයට පත් වූ බව කියැවිනි.

වාර්තා වන්නේ මෙවැනි යට ගිය විමර්ශන ගණනාවක් ඇති බවත් එම සෑම අපරාධයක්ම ඉදිරියේ දී එළියට එනු ඇති බවත්ය. පොලිසිය තුළම සිය රාජකාරිය කරන සාධාරණ නිලධාරීන් ඒ විමර්ශන සඳහා පූර්ණ සහයෝගය දීමට සූදනමින් සිටින බව ද දැනගන්නට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රිලවියන්ට ලූප පැලඳවීමේ අලුත්ම තත්ත්වය ගැන මහාචාර්ය දංගොල්ල තොරතුරු කියයි!

Next Post

දෙහිවල වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනී!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.