පසුගිය 07 වැනිදා හමාස් වෙඩික්කරුවන් විසින් ඊශ්‍රායලයේ දී ඝාතනය කළ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාව වූ අනුලා ජයතිලකගේ දේහය මරණයෙන් දින 21කට පසු අද (28) උදෑසන ලංකාවට රැගෙන ආවේය.
ඇය මරණයට පත් නොවූ බවත් හමාස් සටන් කරුවන්ගේ අත් අඩංගුවේ පසුවන බවත් පිළිබඳ විශ්වාසයක් පවුලේ අය තුළ ඇති වී තිබිණි. ඒ හමාස් සටන් කරුවන්ගේ අත් අඩංගුවේ පසුවන පිරිස් සම්බන්ධව අන්තර්ජාතික මාධ්‍යයේ පළ වූ වීඩියෝ පටයක අපැහැදලි දසුන් මුල් කර ගනිමිනි.
එහෙත් පසුව ඇයගේ දේහය පවුලේ අය විසින් හඳුනාගෙන තිබිණි. ඇය සේවය කළ නිවසේ ඥාති පිරිස් පැවසුවේ ඇය රැක බලාගත් වයසක මාතාවගේ දිවි බේරා දීමට උත්සාහ කරද්දී ඇය වෙඩි පහරට ලක් වී ඝාතනය වූ බවය.
අනුලා ජයතිලකගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ ඒ සමග සිට ඇත.
ඇයට ඝාතනය වූ ඊශ්‍රයාල වැසියෙක් සේ සලකා සියලුම වන්දි මුදල් ලබා දෙන බව ඊශ්‍රයාල රජය ප්‍රකාශ කර ඇත.