සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට අලි පැන්නීම ඓතිහාසික වැරද්දක් පුනරුච්ඡාරණය කිරීම ද?… හම්බන්තොට අලි අපරාධය ගැන සටහනක්…

Experts warn Sri Lanka is repeating a “historic environmental blunder”

by editor
නොවැම්බර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

  • සමාජ මාධ්‍ය තුළ සංසරණයවන පෝස්ටුවක මෙසේ තිබිණි… “ ගෝඨා හැඳිගෑවිලා ගියෙත් අලි ටික වැනසෙන තීරණ ගත්තට පස්සේ….”

හම්බන්තොට යනු අලි – මිනිස් ගැටුමේ බිහිසුණුම දර්ශකයක් නිරූපනය වන කලාපයකි. මේ කලාපයේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන්   වඩාත්ම බලපෑමට ලක් වූ නිශ්චිත ප්‍රදේශ     කිහිපයකින් රංචු පලවා හැරීම සඳහා බලධාරීන් ප්‍රධාන අලි පලවා හැරීමක් සැලසුම් කර ඇත.

හම්බන්තොට   ජාතික ජන   පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පවසන පරිදි, මෙම මෙහෙයුම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,  අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන, ගොවි සංගම් සහ ප්‍රාදේශීය දේශපාලන බලධාරීන් විසින් ඒකාබද්ධව පවත්වනු ලැබේ. මන්ත්‍රීවරයාට අනුව  වනජීවී නිලධාරීන් 80 ක් පමණ දින 21 ක මෙහෙයුමට සම්බන්ධ වේ.  ඒ අනුව  එය මෑත වසරවල   වන අලි පලවා හැරීමේ විශාලතම ව්‍යාපෘතියක්  බවට පත්වේ.

කෙසේ වෙතත්, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් මේ ආකාර වන අලි පලවා හැරීම් අතිශය හානිකර අකාර්යක්ෂම මෙන්ම නිශ්ඵල ව්‍යායාමයක් බව තහවුරු වී ඇති බවය.

එම විද්‍යාත්මක අධ්‍යයනයන්හි ප්‍රතිඵල නොවිමසා   රාජ්‍යය මැදිහතවී ක්‍රියාත්මක කිරීමට යන මේ ව්‍යාපෘතිය සහ   සැලැස්ම නැවත තක්සේරු නොකරන්නේ නම් රාජ්‍යයක අනුග්‍රහය සහිතව ලෝකයේ වාර්තාවන විශාලතම අලි ඝාතනවලින් එකක් ඉදිරියේ දී ලංකාවෙන් වාර්තා  විය හැකි බවට ද පරිසරවේදීන් අනතුරු අඟවන්නේය.

“ මේ හම්බන්තොට අලි පළවා හැරීම හුදෙක් ඓතිහාසික වැරැද්දක පුනරාවර්තනයක්”. එසේ පවසන්නේ පරිසරවේදී සුපුන් ලහිරු ප්‍රකාශ්ය. ප්‍රකාශිත හම්බන්තොට වන අලි කළමනාකරණය භූමියේ   කොටස් වලට අලි ඇතුන් පලවා හැරීමට නියමිතව ඇත. එහෙත් අනාවරණය වන්නේ   මෙම ප්‍රදේශ දැනටමත්  ජාවාරම්වල ප්‍රතිඵල ලෙස කැලෑ භූමි හායනයට ලක්ව ඇති බවය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

එහි නියත ප්‍රතිඵලය පැහැදිලිය. වාසස්ථාන ඛණ්ඩනය වීම සහ ආහාර හිඟය සමඟ, එහි සිරවී සිටින අලි ඇතුන් මන්දපෝෂණයට ලක් වීමය. වන අලි දරුවන් අතුළු අලි රංචු පිටින් හාමතේ  මරණයට පත් වීමය.   දශක ගණනාවකට පෙර අලි ඇතුන් පළවා හැරීමේ අවසාන ප්‍රතිඵලය සටහන් වුනේ එලෙසය.

වන අලි පළවා හැරිමේ මෙහෙයුමක ප්‍රතිඵල… හාමතේ මිය ගිය වන අලියෙක්..

අලි 400ක් පළවා හරින්නේ මරණයට ද?

හම්බන්තොට අලි ඇතුන් 400 ක් පමණ සිටින බව විශ්වාස කෙරේ. රාජපක්ෂලා ඒ කාලයේ  සිදුකළ අතාර්කික මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වන අලින්ගේ  වාසස්ථාන ඛණ්ඩනය  කර තිබිණි. ඒ තත්ත්වයන් වන අලි රංචු මිනිස් ජනාවාසවලට සමීප කළේය. මෙයට පිළියමක් ලෙස, අලි ජීව විද්‍යාඥ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ පළමු කළමනාකරණය කරන ලද වන අලි රක්ෂිත භූමිය ලෙස හෙක්ටයාර 23,000 ක් යෝජනා කළේය.  අලි ඇතුන් වැඩිපුරම ගැවසෙන ප්‍රදේශ සංරක්ෂණය සඳහා වෙන් කරන භූමිය ආදර්ශ ප්‍රවේශයක් සැපයුවේය. ඒ අත්දැකීම   කලාපවල වන අලි සදහා වෙන් වූ භූමි සංවර්ධනයට යොදා ගැනීමට යෝජානා විය.

2009 දී යෝජනා කරන ලද වන අලි කළමනාකරණ රක්ෂිතය  අවසානයේ ගැසට් කරන ලද්දේ 2021 දී පමණය. ඒ කාලය වන විට කැලෑ පාලුවන් සහ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වන භූමිය හැකිලී ගියේය. අවසානයේ එම වන අලි කළමනාකරණ කලාපයේ සිටි වන අලින් පවා ගම් වදින්නට වූහ. ඒ භූමිය තුළ වූ ආහාර හිඟය ප්‍රධාන සාධකයක් වූ විටය. එවැනි කලාපයකට යළි වන අලින් පළවා හැරීම අලි ගහනය ටිකෙන් ටික ව්‍යසනයට ලක් කිරීමකට සමාන බව පරිසවේදීහු පෙන්වා දෙමින් ඇත්තාහ.

ගම්වැසියන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට වන අලි සමග ඇති වී ඇති අනවරත ගැටුම ජීවිත ඛේදවාචකයකි. එම ඛේදවාචකයේ ප්‍රමාණය කොළඹට දැනෙන්නේ නැති බවත් ලියා තැබිය යුතුය. ඔවුන් අත් දකින්නේ   අලි ඇතුන් කලින් කලාතුරකින් දක්නට ලැබුණු ප්‍රදේශවල  දැන් වන අලි රංචු පිටින් ගැවසෙන ආකාරය ය.  . “ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසස්ථාන හැකිලෙන විට, අලි ඇතුන් නුහුරු ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින්, ගැටුම් සඳහා නව උණුසුම් ස්ථාන නිර්මාණය කරයි. ගම්වැසියන් ද ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් නැත,” වනජීවී සංරක්ෂණ විෂය පිළිබඳ ප්‍රමාණිකයෙක් වූ  සමීර වීරතුංග පවසයි.

“විසඳුමක් අවශ්‍ය නම්  මිනිස් ජීවිතවල  ආරක්ෂාව සහ අලි සුභසාධනය සමතුලිත කළ යුතුයි.   මෑත කාලීන වර්ෂාව නිසා වනාන්තරවල ආහාර සුලබතාවය වැඩියි.  එවැනි තත්ත්වයක් තුළ අලි ඇතුන් එළවීමේ හදිසි අවශ්‍යතාවය නැවත තක්සේරු කළ යුතුයි. එය වඩාත් විද්‍යාත්මක පදනම්  ප්‍රවේශයක් සඳහා කාලය ලබා දෙනවා..” සමීර වීරතුංග පවසන්නේ එසේය.

2006 වසර – ලුණුගම්වෙහෙර කුප්‍රකට වන අලි පළවා හැරීමේ මෙහෙයුම අතර…

වන අලි පලවා හැරීම ගැන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුගේ අධ්‍යයනය

ආචාර්ය ප්‍රනාන්දු විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ වන අලි එළවීම දැඩි ජීව විද්‍යාත්මක හා පාරිසරික බලපෑම් ඇති කරන බවය. වන අලි රංචු එළවීම සහ වැටවල් මගින් සීමිත ප්‍රදේශවලට බලහත්කාරයෙන් ගෙන යන විට, ඔවුන්ට ඔවුන්ගේ නිවහනේ බොහෝ ප්‍රදේශ අහිමි වන ආකාරයත්,  එය අධික තදබදය, ආහාර සහ ජල හිඟය, දුර්වල සෞඛ්‍යය සහ අවසානයේ ඛේදනීය  මරණයෙන් කෙළවර වන ආකාරයත් එම අධ්‍යයනයෙන් තහවුරු කර ඇත. 2000 මුල් භාගයේදී මහා පරිමාණ අලි  එළවීමේ ව්‍යාපෘති  ඇගයීමේදී ඔහු කළ පර්යේෂණයෙන් හෙළි වී තිබුණේ වැඩිහිටි පිරිමින් බොහෝ විට මෙහෙයුම් පලා නොගොස්  සිටින බැවින්, සාමාන්‍යයෙන් එළවනු ලබන්නේ ගැහැණු සතුන් සහ තරුණ සතුන් පමණක් බවය.

ඝෝෂාකාරී පිපිරීම් සහ මිනිස් හමුවීම් නිසා ඇතිවන කම්පනය අලි ඇතුන් වඩාත් ආක්‍රමණශීලී කළ හැකි අතර අවසානයේ මිනිස්-අලි ගැටුම තවත් නරක අතට හැරිය හැකි බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. එපමණක් නොව,  ආචාර්ය ප්‍රථිවිරාජ් ප්‍රනාන්දුගේ දත්තවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ අලි පරාසයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් මිනිස් භූ දර්ශන සමඟ සම්බන්ධ බවය.  එයින් අදහස් වන්නේ වන අලින්ගේ පැවැත්ම තහවුරු කරන භූමි නැවත ස්ථානගත කිරීමට හිස් භූමියක් ඉතිරිව නොමැති බවය.

“මෙම විද්‍යාත්මක කරුණු නිලධාරීන්ට සහ දේශපාලනඥයින්ට නැවත නැවතත් ඉදිරිපත් කරලා තියනවා. ඒත්  ඔවුන් එම වැරදි නැවත නැවතත් කරමින් සිටිනවා.,” පරිසරවේදීහු පවසති.

කෙසේ වෙතත්, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසන්නේ හම්බන්තොට මෙහෙයුම ගම්වලට ඇතුළු වී ඇති අලි ඉවත් කිරීම අරමුණු කරගත් ප්‍රාදේශීයකරණය කළ ක්‍රියාකාරකමක් මිස පොදු ප්‍රතිපත්තියක් නොවන බවය.

“දිගුකාලීන විසඳුම් අත්‍යවශ්‍ය බව අපි තේරුම් ගන්නවා,” ඔහු සන්ඩේ ටයිම්ස් වෙත පැවසීය.

“අලි ඇතුන්ට වනයේ ප්‍රමාණවත් ආහාර ඇති බව සහතික කිරීම සඳහා, මිනිස් ප්‍රදේශවලට ඇතුළු වීමේ අවශ්‍යතාවය අඩු කිරීම සඳහා රජය වාසස්ථාන පොහොසත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.” ඔහු කියන්නේය.

අපට ඇති වේදනාව ස්ඵර්ශ කළ හැකි විද්‍යාත්මක දත්ත දකිමින් ආණ්ඩුව හැසරෙන මුග්ධ ස්වරූපය ගැනය. මේ කෙටි කාලීන ප්‍රවේශවලින් ජනතාව දිනාගත නොහැකිවා සේම රට දිනවිය නොහැකි බවත් ඉන් පොහොසත් රටක් හෝ ලස්සන ජීවිතයක් නොලැබෙන බවත් පරිසර ඇමති මුලින්ම තේරුම් ගත යුතුය. ඔහු ඇතුළු ඔහුගේ පරිසර කණ්ඩායම මේ ගමන් කරන්නේ  ඔවුන්ට වඩා මහා විශාල ජනතා බලාපොරොත්තු ඉදිරිපිට වාමනයන් වී විනාශ වීමටය. දරාගත නොහැකි කම්පනය වන්නේ මේ ව්‍යසනය අවසානයේදී කුඩු පට්ටම් කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ මහා ප්‍රාර්ථාන වීමය.

( සන්ඩේ ටයිම්ස් වාර්තාවක් ඇසුරිනි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වරදකරුවෙක් අත් අඩංගුවට ගැනීමට පුරවැසියන්ට නීතිමය බලයක් තිබේ ද?…

Next Post

කෙහෙළියගේ වත්කම් තහනම තීන්දුයි… මහාධිකරණ තීන්දුවට එරෙහි රිට් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.