රට හා ආගම ශක්තිමත් කිරීමට පනවා තිබෙන රෙගුලාසි වෙනස් කිරීමට දැනට එකඟ වී ඇති පිරිස් එසේ කටයුතු කරන්නේ රටට ආදරය නිසා නොව සුළු ජාතීන්ගේ ඡන්ද දිනා ගැනීමට බැවින් ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ලබා දී තිබෙන තැන වෙනස් කිරිමට සංවාද කරන පුද්ගලයින් ජනපති ධූරයට පත් නොකිරීමට ජනතාව වගබලා ගත යුතු යැයි ස්වාධීන ජනපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු පවසන්නේ රට හා ආගම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පවතින වගන්ති අකුරටම පිළිපැදිය යුතු බවත් මේවා වෙනස් කිරීම සම්බන්ධව රටේ කතිකාවක් හෝ නොපැවතිය යුතු බවත් ඒ මහතා කීය.
මල්වතු පාර්ඔවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අද (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මේ බව පැවසුවේය.
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරිමට ඇතමුන් පොරොන්දු වී තිබෙන නමුත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට පලාත් සභා ක්‍රමය සුදුසු නැති බව ද ඔහු අවධාරණය කළේය.







